Chapter 18

1.8K 271 9
                                    

පාටි එක වෙනුවෙන් අපේ ගෙදර ඇත්තටම ලස්සන වෙලා.. මගෙයි තේහ්‍යොං ගෙයි ලොකුම ලොකු වෙඩින් ෆොටෝ එකක් සාලෙ එක පැත්තක. තවත් තැනක අපි තුන්දෙනාගෙ ෆැමිලි ෆොටෝස්..

ඒක උනේ මෙහෙමයි..

ඊයෙ රෑ මාව තුරුල් කරන් ඉදපු උනුහුම් මනුස්සයා මගේ ලග නෑ කියල මට තේරුනේ උදේ. සීතලම සීතල උදේ ඇදෙන් බහින්න කම්මැලි කමට මම ඇදටම වෙලා ඉදියා..

මේ මට පුරුදු මම නෙමෙයි.. මම දන්න නොනිමි ඉරටත් කලින් නැගිටලා වාඩ කරපු කෙනෙක්.. ඒ නිසාම මම මටම කම්මැලි කමට දොස් පවරගන්න ගමන් ඇදෙන් බහින්න හැදුවා. එතකොටම වගේ ශෝට් එකට කොලපාට over size ටීශර්ට් එකක් ඇදන් තේහ්‍යොං කොෆී මග් එකකුත් අරන් මන් ලගට ආවා.

" බබී නැගිට්ටද.. කටසෝදන් එන්න කෙල්ල ගිහින්.. "

      ඒ වෙද්ද්ත් මම ඉදියෙ වොශෲම් එකට යන ගමන්..

" ටේ මොකද මේ.."
 
     මම එද්දි ඇදේ වාඩි වෙලා ෆෝන් එක ඔබ ඔබා ඉදපු තේහ්‍යොං ගෙන් මම ඇහුවෙ මුකුත්ම හිතාගන්න බැරිවයි.

" මගෙ වයිෆ්ට කොෆී එක.. කෝ එන්න"

    මාවත් එයාගෙ කකුල් දෙක අතරින් වාඩි කරවගෙන මට මගෙ කොෆී එක දුන්නා.

එයා කාමරේ කර්ටන්ස් දෙපැත්තට ඇදල දාලා තිබුන නිසා තවමත් ඉර පායගෙන එන ලස්සන අහස අපි දෙන්නටම පෙනුනා..එයා ගෙනත් දීපු.කොෆී එක හෙමීට තොලගාන ගමන් මම එයාගෙ පපුවට හේත්තුවෙලා අහස දිහා බලාන ඉදියෙ මේ ක කොච්චර ලස්සන හැගීමක්ද කියල.හිතන ගමන්.

" බබී.."

  " ම්ම්ම්.."

     මම මූන හරවල උඩ බැලුවම මගෙ තොල් උඩින් එයා චූටි පෙක් එකක් තිබ්බා.

" ගුම්මෝනිම්..."

" ගුම්මෝනිම් ටේටේ..."

     මම.තවත් තදට එයාට තුරුල් වෙද්දි ඒ අත් මගෙ ඉන වටේ එතිලා තිබුනා..

" බබී අපි පහලට යංද.."

" දෝවොන් නිදිද ටේ.."

" කොල්ල තාම නිදි. එන්න යං.."

    මගෙ අතකිනුත් අල්ලගෙන එයා මාව පහලට එක්ක ගියා.

" මේ..."

𝘚𝘵𝘰𝘭𝘦𝘯 𝘚𝘸𝘦𝘦𝘵𝘩𝘦𝘢𝘵 || 𝘒𝘛𝘏 || ✔Where stories live. Discover now