chapter 2

2.4K 305 22
                                    


එදා උදේම මං හොස්පිට්ල් එකට ගියෙ උදේ නංගිගෙ ක්ලාස් ෆීස් ගෙව්වෙ නැති එකට හොද කියුම් ටිකක් ගෙදරින් අහගෙනයි..

            කොහොමත් බැනුම් කියන්නෙ මගෙ ජීවිතේට උරුම දේ.. ඒ දේ පොදි බැඳගෙන යනව කියන එක දැන් මට හුරුයි..

" නොනිමී.... ඔයාට චීෆ් එන්න කිව්ව..."

            ශානු මට එහෙම කියාගෙනම වෝඩ් එකට දිව්වෙ හදිස්සි ලෙඩෙක් අරන් ඇවිත් වෙන්න ඇති..
                   ඒ වෙලාවෙ මං ලන්ච් එක අරන් පාඩුවෙ නවල් එකක් කියව කියවයි ඉදියෙ..

                     එදා ඉඳන් මගෙ තනි රැක්කෙ ඒ පොත්.. පන නැති වුනත් මට ආදරේ ක්ලේ.. මං ආදරේ කලේ එයාලට.. එයාලයි මගෙ තනියට හිටියෙ.. අදටත් එහෙමයි..

මම හෙමි හෙමින් චීෆ් ලගට ගියා..

" may i come in sir.."

" yes.. you can.."

                         මම ඇතුලට යද්දි චීෆ් මට පුටුවෙන් වාඩි වෙන්න කියල ඔලුවෙන් පෙන්නුව.

මම ගිහින් වාඩි වුනේ මේ මොන ගිනිගෙඩියක්ද පාත් වෙන්න යන්නෙ කියල හිතන ගමන්..

"මිස් නොනිමි.. මේකයි.. අපිට ට්‍රාන්සර් ඇවිත් .. එක්කෙනෙකුට.."

".ඉතින් සර්.."

" මෙහෙමයි.. මේකෙ ඔයා තරම් හොද ඩොක්ට කෙනෙක් මන්.දැකල.නෑ.. හැම අතින්ම ඔයා ඒකට ගැලපෙනව. ඒකයි මං මේ චාන්ස් එඅ ඔයාට දෙන්න තීරණය කලේ.. ම න් හිතනව ඔආ මේක බාරගනීවි කියල.."

" හරී... සර් කොහෙටද මං යන්න ඕනි"
      
           මට ඕනි වුනේ නෑ මං ආපු දවසෙ ඉඳන් මට හොදින් සලකපු කෙනාට බැහැ කියන්න. චීෆ් අපි හැමෝටම තාත්තෙක් වගේ.. කන කෑමෙ ඉදන් හොයල බැලුව.

" නොනිමිට යන්න තියෙන්නෙ South korea වලට.. බැරි කමක් නෑනෙ. අනික දරුවෝ.. දැන් ඔය මදෑ ගෙදරටම කබුර කබුර හිටිය.. ඔයා ඔයාටම කියල දෙයක් හදාගන්න ඕනි.."

        එයා එකපාරටම එහෙම කිව්වම මං කලබල වුනා.. නොදන්න රටක.. නොදන්න මිනිස්සු අතරෙ.. නොදන්න භාශාවක්.. හැමදේම නොදන්න තැනක..

" ඒත් චීෆ් මම.. මම.. කොහොමද.."

" කොහොමද නෙමේ දරුවො.. ඔයා ඔයාගෙ ජීවිතේ හදාගන්න ඕනි.. ඔයාට මේක අලුත් ආරම්භයක් වෙයිකියල මට හොදටම ශුවර්.. ඒක නිසා මේක මග ඇරගන්න එපා.."

𝘚𝘵𝘰𝘭𝘦𝘯 𝘚𝘸𝘦𝘦𝘵𝘩𝘦𝘢𝘵 || 𝘒𝘛𝘏 || ✔Where stories live. Discover now