" ඔම්ම අලේ.. යන්න බෑ.. අලේ.. අලේ.. මාව තියාගන්නකූ.. අප්පාහ්හ්හ්හ්"
ඔය කෑගහන්නෙ හොරගෙඩියට ස්කෝලෙ යන්න බෑ කියලයි..
" බබී අනේ යවන්නම ඕනිද.."
තේහ්‍යොං මගෙන් ඇහුවෙ දෝවොන් එයාගෙ කකුලක් බදාගෙන කෑගහන එක අහන් ඉන්න බැරිව බව මට තේරුනා..
" නෑ බෑ කියල බෑ ටේ.. මෙයාගෙ වයසෙ ලමයි දැනටම නර්සරි යනව.. මෙයා ගෙදර.."
" ඉතින් අපි එයාට ගෙදරට ගෙන්නමු කාව හරි.."
ඒක ඇහුන වෙලේ ඉදන් දෝවොන් තව හයියෙන් කෑගගහා අඩන්න ගත්තා. මෙයා තමා ලමයව නරක් කරන්නෙ. මරු අප්පා..
" ලමයට තව මිනිස්සු එක්ක මුහු වෙන්න කියල දෙන්න ඕනි තේහ්‍යොං.. ඔයා කටවහන් පැත්තකට වෙන්න.."
ඉතින් එයා කටවහගත්තා. මම දෝවොන්ගෙ ගානට දනගහගත්ත.
" බබා පේනවද.. අර.. බබාලගෙ ඔම්ම්ලා එයාලව එක්ක එද්දි කොච්චර සතුටුන්ද කියලා.. ඔයා අදගියෙ නැතොත් ඔම්මට දුක හිතෙනවනෙ මැනික..ඔම්ම අඩනවට කැමතිද ඔයා.. ඔයාව ගන්න එද්දි මම ඔයාට අයිස්ක්‍රීම් අරන් දෙනවා.. ප්‍රොමිස් වෙනවා මන්.. අපි පාක් යං.. හරිද.. දැන් යනව නෙද.."
මම කියද්දි එයා ඔලුව උඩට පහලට කලේ ඔව් කියන්නයි. ඊටපස්සෙ එයා මාව බදාගෙන..
" නැ නෑ ඔම්ම අඩල්ලෙප.. ඔම්ම අඩලවට බබා දුකයි.. දෝවොන් ඔම්මත ආදලෙයි.. හාසට පාක් යං.. "
පැත්තකට වෙලා ඉදපු තේහ්‍යොංටයි මටයි කිස් එකක් දීලා එයා අපිව ගේට් එක ලගට යනකම් ඇදගෙන ගියා.. ඒත් ඇස්වල කදුලු එහෙමමයි..
එතනින් එයාව තනියම ඇතුලට යවන්නෝනි. පුංචි වලහෙක්ගෙ හැඩේ ගත්තු බෑග් එක එල්ල්ගෙන නහය උඩට ඇදඇදා යන මගෙ පැටිය දිහා බලන් ඉන්දෙද්දි මගෙ ඇස්වල කදුලු බේරෙන්න ගත්තෙ එයා කොච්චර මට ආදරෙයි ද කියල මතක් වෙලයි. එයා ආපහු හැරිල මගෙ දිහා බැලුවම මම අතක් උස්සල බායි කියද්දි එයාගෙ ඇස්වලින් චූටි කදුලු බින්දු බිමට වැටෙනව මම දැක්කා..
" අනේහ්.. මගෙ පැටියා.."
මම ඇස්වල කදුලු පුරවන් හැරෙද්දි තේහ්‍යොං මාව හග් කරගෙනම කා එක ලගට එක්කන් ගියා.
YOU ARE READING
𝘚𝘵𝘰𝘭𝘦𝘯 𝘚𝘸𝘦𝘦𝘵𝘩𝘦𝘢𝘵 || 𝘒𝘛𝘏 || ✔
Fanfictionඅම්මල.. ගමේ අය කියන විදියට මං කාලකන්නි කෙල්ලෙක්.. එයාල කියන විදියට.. මම තමයි මේ පව්ලට අවාසනාව අරන් එන්නෙ. ගෙදරට බල්ලෙක් බිරුවත්, වලදක් බිදුනත් කොටින්ම කියනවනම් හොද්දකට ලුණු වැඩි වුනත් මගේ මූසල කම තමා A fiction about Kim Taehyung and...