Chapter 5

2.2K 287 35
                                    


කලු පාට හූඩි එකට මිස්ටර් කිම්ව අමුතුම ලස්සනකට පෙනුනා.. ආ ආ මොනාද මේ බලන්නෙ .. ආශ්.. ආව වැඩේ කරපන් බන්🤣

මම මටම කියාගනිද්දි මිස්ට කිම් මන් ලගට ආව..

" මොකක්ද කිව්වේ..."

මලා ගොං වහන්සේ එයාට ඇහිලා.. දැන් ඉතින් බේරියං..

" ආ නෑ..නෑ.. මිස්ට කිම්.. "

" මට මිස්ට කෑලි ඕන්නෑ ඩොක්ට.. මට ටේහ්‍යොං කියන්න.. දැන් ඔයා මෙහෙ ඉන්න නිසා ඒක වැඩිය ලේසි වෙයි.. දෝ වොන්ගෙ වැඩ ටික ඔයා දන්නවනෙ.. අනිත් දේවල් මගෙ සෙකට්‍රි කියල දෙයි.. මට දැන් ඔෆිස් යන්න වෙලා.. දෝවොන් .. ආන්ටි එක්කම ඉන්න හරිද.."

" හ්ම්ම් හරි.. අප්ප යන්න.."

පොඩි එකා මාව බදාගෙන කියෙව්වා.

" හරි මිස්ට.. ආ නෑ .. ටේහ්‍යොං.. කමක්.නෑ මම සෙකට්‍රි ගෙන් අහගන්නම්.."

මම ටේහ්‍යොං යන දිහා පැටියවත් තුරුල් කරං බලං ඉදියා..

" හ්ම්ම්ම් එයා ගියා.. ඉතින් මං දැන් ඉන්නෙ කොහෙද පැට්ටෝ.."

මම දෝවොන්ගෙන් අහන ගමන් එයාව වඩාගත්තා.. මම දන්නවා.. එයාට ඕනි ආදරේ..

ටේහ්‍යොං වැඩ එක්ක බිසී වෙද්දි එයාට දෝවොන්ව මගඇරිලා.. අවුරුදු දෙකක ලමයෙක් කියන්නෙ ආදරේ වුවමනාම කෙනෙක්.. සෙකට්‍රි කෙනෙකුගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා අර මනුස්සයට තේරෙන්නෑ😒

" යංං.. මම් පෙන්නනම් ආන්තිත.. අංකල් ආන්තිගෙ බඩු ටික ගේන්න හොදද.."

දෝවොන් බිමට බැහැලා මගේ ඇගිල්ලකින් ඇදගෙන කාමරේට එක්කන් ගියා..

වාහ්.. මෙච්චර ලොකු ගෙයක්.. මම දැක්කමයි.. කාමර ගොඩාක් ඇති.. දෝවොන් මාව එක්ක ගියෙ සෙකන්ඩ් ෆ්ලො එකේ ලස්සන කාමරේකට..

" මම අප්පත කියල මේක ආන්තිත දුන්නා.. එහාපැත්තෙ කාමලේ මම ඉන්නෙ.. ඊට එහාපැත්තෙ අප්පා.. එයා ඉතින් හැමදාම එන්නෙ සෑටනෙ.. මම දොයියනවා ඊට කලින්.."

දෝවොන් පුංචි වුනත් එයාට හොද කටක් වගේම මොලයක් තිබ්බා.. එයා බය නැතිව මං එක්ක එයාගෙ අප්පට බයින්න තරම් නිර්භීත ලමයෙක්🤣..

𝘚𝘵𝘰𝘭𝘦𝘯 𝘚𝘸𝘦𝘦𝘵𝘩𝘦𝘢𝘵 || 𝘒𝘛𝘏 || ✔Where stories live. Discover now