Chapter 17

1.9K 250 11
                                    

ඉතින්..

මේ මගේ වෙඩින් එක.. කාත් කවුරුත් නොදන්න නෑයෙක් කියල කිසි කෙනෙක් නැති තේහ්‍යොංනුත් මමත් විතරක්ම සහභාගී වුන මගේ වෙඩින් එක. මට ඕනි වුනා තේහ්‍යොං ගෙ හරි දන්න අදුනන අයට වෙඩින් එක ගැන කියන්න. ඒත්.. තේහ්‍යොං එයාලට පසුවට පාටි එකක් ඇරේන්ජ් කරල කිව්ව නිසා අපි හුදකලාවෙම විවාහ වුනා.

අපි දෙන්නා දේවස්තානයේ බංකු මැදින් ඇවිදන් එද්දි කතෝලික චාරිත්‍ර අනුව මාව තේහ්‍යොං ට බාරදෙන්න මට තාත්තෙක් ඉදියෙ නෑ. මම යද්දි ඇදුමෙ කොනකින් මට හොරෙන් කදුලු පිහිදාගන්න අම්ම කෙනෙක් ඉදියෙ නෑ.

ඒත් තේහ්‍යොං මගෙ අතින් අල්ලගෙන හිස් බංකු මැදින් යද්දි දෝවොන් මල් පෙති පුරවපු කූඩයක් අතේ තියන් අපි දෙන්න ගෙ ඉස්සරහින් ඇවිදන් ගියා.

ඉස්සරහම බංකුවකින් ගෙදර වැඩ කරන අජුම්මා ඉදගෙන ඉදියා. ඉතින් ඒ තමයි අපේ විවාහයේ එකම අමුත්තා.

ලස්සනම ලස්සන හුගාක් හැඩ වැඩ නැති චාම් ක්‍රීම් පාට දිග වෙඩින් ඩ්‍රෙස් එකක් මම ඇදගෙන ඉන්දෙද්දි තේහ්‍යොං මගෙ ඇදුමට මැච් වෙන්න ඒ කලර් එකෙන්ම ඇදුම් ඇදන් ඉදියා.

දෙවියන්වහන්සේ ලග අපි දෙන්න දණගහගෙන මුලු ජීවිත කාලෙටම එකට ඉන්නව කියල පොරොන්දු වෙද්දි මගෙ ඇස්වල තිබ්බ හීනි
කදුලු බින්දු ටික තේහ්‍යොං සිනිදුවට පිහිදලා මගෙ තොල් වලට මෘදු හාදුවක් දීලා මාව එයාගෙ කරගත්තා.

" ඔම්මා..."

මෙච්චර වෙලා අජුම්මගෙ අතේ ඉදපු දෝවොන් ඉඩ ලබුන සැනින් මගෙ අතට පැන්නෙ අපි අල්තාරය උඩ හිටගෙන ඉන්දෙද්දිමයි..

තේහ්‍යොං දෝවොන්ගෙ අතකින් අල්ලගද්දි මම ඒ පුංචි කම්මුලකට හාදුවක් තැවරුවා.

" ඔය දෙපල හැමදාම මේ පුංචිත්තත් එක්ක සතුටින් ඉන්න ඕනි.. මම ආශිර්වාද කරනව ඔය තුන් දෙනාටම.."

පියතුමා හිනා වෙලා කිව්ව.

වැඩිය කලබල නැති විවාහ උත්සවයකට පස්සෙ අපි තුන්දෙනාම ගෙදර. උස්සගෙන ඉන්න බැරි තරම් බර ගවුම එක අතකට උස්සගත්තු මම අනිත් අතේ ඉදපු දෝවොන්ව තේහ්‍යොං ට දුන්නා.

𝘚𝘵𝘰𝘭𝘦𝘯 𝘚𝘸𝘦𝘦𝘵𝘩𝘦𝘢𝘵 || 𝘒𝘛𝘏 || ✔Where stories live. Discover now