Final Chapter

2.5K 300 56
                                    


" ඔහ්.. භල්ලො උබ නැගිට්ටද.."

    එකපාරටම දරාගන්න බැරි ඉර එලිය නිසා ඇස් නිලංකාර වෙනව දැනුනත් ටිකකින් හැමදේම සාමාන්‍ය අතට හැරුනා..

මගෙ පුංචි කොල්ලා මගේ දිහාට එබිල බලන් ඉන්නවා. 

" ඔම්මා.."

"ම්ම්..පැටියෝ.."

" ඔම්මා නැගිට්ටද.. බඩගිනිද.. දොයි මතද.. සිදෙනවද.."

   මගෙ පන්ඩිත කොල්ලා ප්‍රශ්න වැලක් අහන් ගියා. මම එයාට හිනාවක් දීලා කාමරේ පුරාවට ඇස් යැව්වේ තේහ්‍යොං ව හොයන්න.. එයා නෑ..???

" උබ හොයන්නෙ තේහ්‍යොං ව නේද.. එයා දවස් 2ක ඉදන් මෙතන. දැනුයි ගියෙ ඇදුම් මාරු කරන් එන්න. දැන් එනවත් ඇති. ජින් ඔප්පා කෝල් කරන්න ඇති සමහරවිට.."

දවස් 2ක්.. දෙයියනේ එච්චර කල් මම සිහිය නැතිව ඉදියද..

" බබී.."

   දොරත් ඇරන් ආවේ මගෙ පිස්සු හස්බන්ඩ්.. ඇස් යට කලු පැල්ලම් ඇති වෙලා.. ඇස් නිදිමත නිසා රතු වෙලා... හදිස්සියට ඇදගත්තු හූඩි එකක්.. අවුල් වුන කොන්ඩේ.. හනේ.. එයා හුගක් බය වෙන්න ඇති..

    දුවගෙන ඇවිත් මාව හග් කලාම දාපු මැහුම් තද වෙලා තව පොඩ්ඩෙන් මන් මෙතනම මැරෙනවා..

" ආව්.. තේහ්‍යොංගී.. රිදෙනවා ."

" ඔහ්.. මියානේ.. මියානේ බබී.. අනේ කොහොමද කොහෙද රිදෙන්නේ.."

   මගෙ අතක් අල්ලගන්න ගමන් තේහ්‍යොං කෑගගහ ඇහුව.

" කෝ අයින්ට වෙයන්.. මට බලන්න.."

  ජින් ඔප්පා තේහ්‍යොං ව එහාට තල්ලු කරලා මාව චෙක් කලා..

" ඇත්තටම නිමී අපි ඔයාට දීපූ පෙන්කිලර්ස් ස්ට්‍රෝන්ග් වැඩි වෙලා.. ඒකයි දවස් 2ක් ගත වුනේ..

  ම්ම්... ඒයි මගෙ පිස්සී.. බබාව අරං ටිකක් එලියට යනෝද.. "

   ජින් ඔප්පා විනූ ද්හා බලල වින්ක් කලා..

" බබාට ඔම්ම ලග ඉන්න බැරිද.. මිස් යූ ඔම්මා.. මිස් යූ සෝ මච්.. ඔම්ම ලග ඉන්න දෙන්න බෑද බබාට. "

   ජින්ගෙ කෝට් එකේ එල්ලෙන ගමන් දෝවොන් ඇස්වල කදුලු පුරෝගත්තා..

𝘚𝘵𝘰𝘭𝘦𝘯 𝘚𝘸𝘦𝘦𝘵𝘩𝘦𝘢𝘵 || 𝘒𝘛𝘏 || ✔Where stories live. Discover now