chapter 3

2K 280 45
                                    


විනූ එක්ක ගෙවෙන කාලෙ මට හුගක් විශේශයි.. එයා කවදාවත් මට වෙනස්කම් කලේ නෑ.. නිකම් මගෙම සහෝදරියක් වගේ..

මම ගියපු මුල් කාලෙදි එයා අනිත් අයව අදුන ගන්න හුගක් උදව් කලා. මොකද එහෙ වැඩකරන එකම ලංකාවෙ දෙන්න අපි දෙන්න.. ඒත් ස්ටාෆ් එකේ අය හුගක් හොදයි..

මට දවසට බබාල හුගාක් එනව.. මොකඳ මෙහෙට ඉන්න එකම child specialist මම නිසා.

ටික ටික හැමදෙයකමට මම හුරුවෙන්න මට මාසගානක් ගියා.. ඒත් ඒ මාසගානෙදි මට කියාගන්න බැරි තරම් හොද මිනිස්සු ටිකක් හම්බුනා.

අද සෙනසුරාදා. මම හාෆ් ඩේ දවස. මොකද මම විනූ එක්ක ඇවිදින්න යන්නෙ අද.. හැම සතියකම මේක අපි දෙන්නගෙ පුරුද්දක් වුනා.. අපි උදේම නැගිලට.. හැම වැඩක්ම කරල ඇවිද්න්න එනව..

ඉතිං අපි අදත් වෙනද පුරුදු විදියටම සෝල් ටවුන් එකේ මිනිස්සු අතරින් ඇවිදන් ගියා..

" ඒ.. බං.. අර බලහන්කො.. අර ඇදුම... වාහ්...ඒක උබට ගානට තියෙවි බන්.."

         විනූ මගෙ දෙපැත්තෙ තියෙන හැම දෙයක් ගැනම කියවනව.. එයා නිසා මගෙ ජිවීතේ තිබුන පාළුව මැකිල ගියා..

විනූ කියන්නෙ යාලුවෙකුටත් වැඩියෙන් සහෝදරියක්.. එයා නිසා මම හිනාවෙනව.. වෙනදට වඩා මින්ස්සු එක්ක ගැවසෙනව..කොටින්ම කියනවන්ම් ජීවිතේ විදිනව..

" ශ්ශ්... කෑහහන්නෙපා බන්.. අර බලපන්.. මිනිස්සුත් බලනව..😂"

      විනූ අත දික්කර කර කියද්දි මිනිස්සු අපි දිහා බැලුවෙ නිකම් මම පිස්සෙක්ව.අරං යනව වගේ..

ඒත්...


එකපාරටම  කොහෙන්දෝ ආපු චූටි මැණිකක් මගෙ කකුලෙ හැප්පුනා.. මගෙ දනිස්ස තරමටවත්  උස නැති එයා ඔලුවත් අල්ලගෙන උඩ බැලුවෙ මගෙ මූන දිහා බලන්න..

විනූ හිනාවෙනව බක බක ගාල..

" මොතත.. මොතද ඔයා හිලාවෙල්ලෙ..🥺 බබාත තිදුනා......හුවෑහ්😭😭 "

               පොඩි එකා පාර මැද්දෙ අඬන්න ගත්තෙ විනු හිනා වුන නිසා ලැජ්ජාව දරාගන්න බැරුව වගේ.

මම ටක්ගාල එයාව වඩාගත්ත.

" දේ.. දේ.. ආන්ටි ඔයාට් හිනා වුනේ නෑ මැනික.. කෝ.. දැන් ඔය කදුලු පිහිදගන්න.. කෝකෝ.. ඉතිම්.. ඉක්මනට. හොද බබාල අඩන්නෑ.. කෝ ඉතිම්.."

𝘚𝘵𝘰𝘭𝘦𝘯 𝘚𝘸𝘦𝘦𝘵𝘩𝘦𝘢𝘵 || 𝘒𝘛𝘏 || ✔Where stories live. Discover now