Chapter 19

1.9K 277 42
                                    

රියා.. දැනටමත් රියා කියන චරිතය මට එපාම වෙලා. පාටි එක පටන් අර පැය බාගයක් යන්නත් කලින් එයා තේහ්‍යොංගෙ අවදානය දිනා ගන්න එක එක වැඩ කරනවා. එයාගෙ උඩටත් නැති පහලටත් නැති ඇදුම නිසා තේහ්‍යොං නෙමෙයි පාටි එකට ආපු වෙනත් කෙනෙක්ගෙන් කරදරයක් වේවි කියලමයි මම හිතුවෙ.

එයාගෙ පලවෙනි උත්සාහය උනේ දෝවොන්ව අල්ල ගන්න එක. ඒත් ජින් ඔප්පා ඒක ගානට දෙල් කලා.

" ඔහ්.. මයි ප්‍රිටී ප්‍රින්ස්.. හව් ආ යූ.."

    මාශ්මෙලෝස් තොගයක් උස්සගෙන දෝවොන් එක්ක ජින්නුයි මියුරුයි විනූයි සෙල්ලම් කර කරා ඉදපු දැනට රියා පද්ද පද්ද යන විදිය තේහ්‍යොං මට ඇගිල්ලකින් ඇනල පෙම්නුවා..

" මන් එතනට යන්නම් ටේ.."

" නෑ ඔයා යන්න ඕනි නෑ. ජින් හ්‍යොං ගානට වැඩේ දේවි.."
 
   තේහ්‍යොං අමුතු හිනාවක් දාලා කිව්ව. තේහ්‍යොං ඊලගට මාවත් එක්කගෙන ඒ ලගම ටේබල් එකකට ගියෙ කතාබහ හොදට ඇහෙන විදියටයි.

" ප්‍රින්ස් එන්න එන්න මන් ලගට.."

   එයා අත් දිකරගෙන විනූ අතේ ඉදපු දෝවොන්ව ගන්න හැදුවා.

" ආන්තිත ඇදුමක් දුන්නැත්ත ඔම්මා.. අලේ ආන්ති පව් ජින් සම්තොන්.. ආන්තිත ඇදුමක් ගෙනත් තෙන්නකූ.."

     ජින් ඔප්පටත් කලින් ඉස්සර වුන දෝවොන් කිව්වා. ඇත්ත. ඒ පුංචි හිතට උනත් තේරුම් යන්න ඇති රියාගෙ ඇදුමේ නොගැලපෙන බව..

" අනේ...අනේ .. මැනික.. ඒ අන්ටිගෙ ඔම්මා ආන්ටිට ඇදුමක් දීල නෑ. එයා.හුගාක් බිසීලු අනිත් ආන්ටිලගෙ අංකල්ලගෙ සීනි කිරන්න ගිහින්ලු.."

    විනූත් ගේම අතාරින්නෑ. එයත් එහෙම කියද්දි දෝවොන් කියපු එකට ඇද වුන රියාගෙ මූන නිකම් දෙක උනා..

" අනේ මේ මිස්.. ඔයා මේ දරුවට එක එක එව්ව උගන්නන්නෙපා.."

   රියා විනූට සැර කලා.. ඒකට බයවෙලා දෝවොන් විනූගෙ අස්සට ගුලි වෙද්ද් ජින් ඔප්පා මැද්දට ආවා.

" ඇති රියා..මමත් මෙතනනෙ ඉදියේ.. විනූ බබට මුකුත් ඉගැන්නුවේ නෑ.. දැක්කනෙ බබා දැකපු දේ කියන්නෙ. මුලින්ම වැදගත් විදියට ඇදන් එන්න. මෙතන ක්ලබ් පාටි එකක් නෙමෙයි තීන්නෙ.. "

𝘚𝘵𝘰𝘭𝘦𝘯 𝘚𝘸𝘦𝘦𝘵𝘩𝘦𝘢𝘵 || 𝘒𝘛𝘏 || ✔Where stories live. Discover now