Chapter 10

2K 284 23
                                    

වාහනේ අපේ ගේ ඉස්සරහින් නතර වෙද්දි මගෙ පපුව නවතින්න වගේ ගැහෙනවා. අම්මල මොන ජාතියෙ පිලිගැනීමක් දේවිද..

   මලගෙයක් කියන එක හගවන්න සුදු කොඩි හැමතැනම එල්ලල තිබුනා.. අපේ ගේ වෙනස් වෙලා.. මම අම්මලට එවන සල්ලි වලින් එයාල ගේ හොදටම හදලා..  මගේ මහන්සිය.. මම හිතුවා එයාලා හැම සතයක්ම නාස්ති කරනව ඇති කියලා.. ඒත් එහෙම වෙලා නෑ ... මට සතුටුයි..

   මම කැබ් එකෙන් බැහැල යද්දි ඉදපු මිනිස්සු මන් දිහා බලනව මම දැක්කා.. මම ගියපු විදියටම ඇවිත් ඉන්නව දැක්කම පුදුම වෙන්න ඇති එයාලා.. ඒත් ටේහ්‍යොං බබා එක්ක කැබ් එකෙන් බහිද්දි මිනිස්සු කසුකුසු ගාන්න.ගන්නවත් මම දැක්කා..

  මිනිස්සු මිනිස්සුමයි.. එයාල හිතනව ඇති මම කොහොමද දරුවෙක් හැදුවෙ කියලා.. ඒක මට ශුවර්.. එක අතකට මට පුංචි සතුටක්ද නැතුව නෙමෙයි ඉතින්.

" නොනිමි මේකද.."

   ටේහ්‍යොං මං ලගට ඇවිත් මගෙ පිටිපස්සෙන් හිටගන්න ගමන් ඇහුවා..දෝවොන් මිනිස්සුන්ව දැකලා බය වෙලා.. එයා ටේහ්‍යොං ගෙ අතේ ඉදලා ගෙ අතට පැනලා මගෙ බෙල්ල අස්සෙන්  ඔලුව තියාගත්තා..

" ටේහ්‍යොංශී.. ඔයාලට නවතින්න හොටෙල් එකකට යමු නේද.. හුගාක් පහසුකම් නම් මෙහෙ නෑ.. සමාවෙන්න.."

.  මම ඒක කිව්ව ගමන් ටේහ්‍යොං පිටිපස්සෙ ඉදන් මගෙ ඇගේ ගෑවෙන්නම ඉස්සරහට වුනා..

" ඒ දේවල් ඕන්නෑ.. මම මෙහෙ කවුරුත් අදුනන්නෙත් නෑ.. ඒ නිසා අපි මෙහෙම ඉමු.. වැඩිය බඩු ගෙනවත් නැහැනෙ.."

.ඇත්ත.. අතට අහු වුන දෙක තුනක් දාගෙන ලැගේජ් එක උස්සන් ආව මිසක් අපි කාටවත් හරියට ඇදුමක් ගන්න සිහියක් තිබුනෙ නෑ..

" කමක් නැත්ද ටේහ්‍යොංශී..  "

" ඔම්මා.. ඔම්මා.. මට ඔම්ම ඕනි.."

   හරි.. දැන් නම් හොටෙල් තියා කොහෙ ගියත් දෝවොන් මගෙ අතින්.බහින එකක් නෑ.. ටේහ්‍යොං හිනා වෙවීම ගිහින් අපි දෙන්නගෙ බෑග්ස් ටික ගත්තා..

" යං.."

    එයා කිව්වම මම හොද හුස්මක් අරන් ඉස්සරට ගියා.. අම්ම ආවෙ එතකොටයි.. අම්ම දොර ලගට ඇවිත් හිටගනිද්දි නංගි පිටිපස්සෙන් ඇවිත් හිටගත්තා.. ඒ දෙන්නම දැන් හොදට ඇදල කරල ඉන්නව දැක්කම දැනෙන සතුට.. ඒත්  එයාල බලාපොරොත්තු නොවෙන්න ඇති මාව.. එයාලගෙ මූනු වලින් මට ඒක පෙනුනා..

𝘚𝘵𝘰𝘭𝘦𝘯 𝘚𝘸𝘦𝘦𝘵𝘩𝘦𝘢𝘵 || 𝘒𝘛𝘏 || ✔Where stories live. Discover now