Chapter 4

1.9K 267 27
                                    

ඒ මනුස්සයා ගියාට පස්සෙ මම පුංචි කොල්ල දිහා බැලුවා.. එයාට ගානක් නෑ.. ඔහේ සෙල්ලම..

" ඉතින් පුංචී ප්‍රින්ස්.. ඔයාගෙ නම මොකද්ද... ආන්ටිට කියන්නකෝ..."

   මම එයා ලගට ගිහින් වාඩි වුනා..

" මම දෝ වොන්.. ආන්තිගෙ නම මොතත්ද.."

  " මම නොනිමි... .

"මොත.. නො.. න්..."

   එයාට ඒක අමාරුයි .. කොල්ල කට ඇද කර කර මගෙ නම කියන්න ට්‍රයි කරනවා.. අනේ කොච්චර හුරතල්ද..🥺 මෙහෙම කෙනෙක් මටත් හිටියනම්..🥺

" නිමි කියන්න බබී.. නිමි.. හරිද.. කෝ එන්න බලන්න මගෙ බෝල ගෙඩිය ...."

    මම එයාව මගෙ උකුලට ගත්තම පොඩි එකා මගෙ කර වටට අත ද්ආගත්තා..

" ආන්ති අපෙ ඩැඩා වගේ නෙමේ.. ඩඩා නෝතී.. දෝවොන්ව දාල යනෝ.  යනෝ ...යනෝ.. ඊලයක් නෑ  😒 මම කෑති නෑ ඒකට😒"

" හනේ හනේ මැනික . ඔයා ගෙ තාත්ති නම්... ඒකට කමක් නෑ.. අද ඉදලා ආන්ති එක්ක ඉමු හරිද.."

  මම කිව්වම එයා එයාගෙ කැරලි කොන්ඩෙ විසිරෙනකම්ම ඔලුව වැනුවා.. අනේ හුරතලේ..🥺

"  මිස් නොනිමි.. ඔයාට හෙඩ් එන්න කිව්වා.. "

       නර්ස් කෙනෙක් ඇවිත් මට කියල යන්න ගියා..

" ප්‍රින්ස්.. යන්ද අපි ගමනක්.. යං.. යං.."

     එයාව හුරු නැති තැනක තනියම තියන්න බැරි නිසා මට එයාවත් අරං යන්න වුනා...

මම හෙඩ්ගෙ කාමරේට යද්දි ප්‍රින්ස්ව එලියෙන් වාඩි කරලා ඇතුලට ගියා..

" ඩොක්ට.. මට එන්න කිව්වද.."

" නොනිමිට මන් කතා කලේ වැදගත් දෙයක් කියන්න..."

    ඒ පාර මොන මරාලයක් කඩාපාත් වෙන්න්ද යන්නෙ..😒 මන් මටම හිතාගන්න ගමන් ඔහේ ඉස්සරහ බලං ඉදියා..

" නොනිමිව අද හොස්පිට්ල් එකේ වෙන විශේශ වැඩ වලින් නිදහස් කරනවා...  ඒකියන්නෙ නොනිමි දන්නවනෙ මන් මේ මොකද්ද කියන්නෙ කියලා. "

" ඈ.. ඒ මොකදා යකෝ ඒ කිව්වෙ🙂 මේ නාකියට මෝල්ද.."

  ඒ කියපු දේ අහල මගේ කටින් සිංහලෙන්ම එලියට පැන්නා. වෙලාවට ලොක්ක සිංහල තෙරිය ඉල්ලෙයි😌

𝘚𝘵𝘰𝘭𝘦𝘯 𝘚𝘸𝘦𝘦𝘵𝘩𝘦𝘢𝘵 || 𝘒𝘛𝘏 || ✔Where stories live. Discover now