මම දෝවොන්ව එයාගෙ රූම් එකෙන් තියලා එනකම්ම ටේ දොර ලගට වෙලා බලගෙන ඉදියා. ආයෙම ටේ එක්කලා පල්ලෙහාට බහින්න ගියාම ටේ මාව අත් දෙකට උස්සගෙන හිනා වෙවී රූම් එකට ගිහින් දොර වහගත්තා..
එයා මාවත් උස්සගෙන ගිහින් දොරට පයින් එකක් ගහල වහල දාද්දි මම එයාගෙ බෙල්ලෙ එල්ලිලා ඉදියෙ දැගලුවොත් මාව බිම දානව කියල එයා කියපු නිසයි.
(A/N : yacai 🙂👍 yacai 👍🙂 මූ අන්ඩවර්ල්ඩ් පොරක් වගේනෙ තර්ජනේ කරන්නෙ මයෙ කෙල්ලට.. 👍)
එයා එයාගෙ කැරලි කෙස් නටව නටව මාවත් උස්සගෙන ඇදට යද්දි මම සීතල වෙලා බලන් ඉදියෙ මේ මොන හරුපයක්ද මේ කියලයි..
පලවෙනි වතාවට මම හරියටම අද එයාගෙ රූම් එක දකින්නෙ. මම මේකට ඇවිල්ලම නැති තරන්. අපි තාමත් ඇදක් බෙදාගන්න තරම් දුර ගිහින් නැති වුනත් ටේහ්යොං කියන්නෙ වෙනස්ම කෙනෙක්..
දිග සුදුපාට කර්ටන්ස් දාපු ජනේල වලට මුහුනලා තිබුන කින්ග් සයිස් බෙඩ් එකක්.. වීඩියෝ ගේම්ස් පිලිවලට අතුරලා තිබුන රැක් එකක්.. පුංචි ටේබල් එකක් උඩ එයාගෙ ලැප්ටොප් එකයි ටේබල් ලෑම්ප් එකකුයි.. එක එක පර්ෆියුම්ස් ක්රීම් ජාති ගොඩක් පිරිලා ඇදට ටිකක් එහායින් තිබුන mirror table එකයි එක්ක ඇදට උඩින් බිත්තියෙ එයයි දෝවොනුයි ඉන්න ෆොටෝස් පේලියක් ලස්සනට එල්ලල තිබුනා.. ඒක තමා එයාගෙ සරල කාමරේ.. පොඩි බඩු ගොඩක් එක්ක ටිකක් ලොකු කාමරයක්..
මම මේ සේරම මොලේට ප්රොසෙස් කරගත්තෙ එයා මාව බෙඩ් එකෙන් තියලා ඇදේ අනිත් පැත්තට හෙමින් නැග ගද්දියි.
" මොකද ටේ.."
" ඇයි.."
මම දීපු ප්රශ්නෙට තවත් ප්රශ්නෙකින්ම උත්තර දීපු එයා ඇදේ හෙඩ් එකට හේත්තු වෙලා ඉදප්උ මාව එයා ලගට ඇදල ගත්තා..
එකපාරටම මාව ගැස්සිලා ගියෙ නෑ කිව්වොත් බොරුවක් නෙමෙයි.. එයාටම තේරෙන්න ඇති මම සීතල වෙලා කියලා..
" මොකද බබී.. ඒසී එක අඩු කරන්නද.. ඇයි මේ.."
එයා මාව තවත් එයාටම තුරුල් කරන් ඇහුවා.
" නෑ.. ඇයි ටේ.. මොකක් හරි ප්රශ්නෙකද.."
මේ මාස ගානට මම දන්නව ටේ මගෙන් නාහා මාව එයා ලගට ගන්නෙ එයා ලොකු ප්රශ්නෙක හිර වෙලා ඉන්දෙද්දියි කියලා..
YOU ARE READING
𝘚𝘵𝘰𝘭𝘦𝘯 𝘚𝘸𝘦𝘦𝘵𝘩𝘦𝘢𝘵 || 𝘒𝘛𝘏 || ✔
Fanfictionඅම්මල.. ගමේ අය කියන විදියට මං කාලකන්නි කෙල්ලෙක්.. එයාල කියන විදියට.. මම තමයි මේ පව්ලට අවාසනාව අරන් එන්නෙ. ගෙදරට බල්ලෙක් බිරුවත්, වලදක් බිදුනත් කොටින්ම කියනවනම් හොද්දකට ලුණු වැඩි වුනත් මගේ මූසල කම තමා A fiction about Kim Taehyung and...