Chapter 16

2K 268 10
                                    

"හායි තේහ්‍යොං.."

    එයා ලස්සනයි. මටත් වඩා.. උරහිස ගාවට තියෙන කඩාහැලෙන කොන්ඩෙ එක්ක දෝවොන්ගෙ වගේම දුබුරුපාට ඇස්.. ඒව ලස්සනයි.. එයාගෙ කටහඩත් ඒ වගේමයි..

ඉතින් ඒ වගේ කෙනෙක් එක්ක තේහ්‍යොං ආදරෙන් බැදෙන එක අහන්නත් දෙයක්ද..

" ඔහ්.. හායි රියා.. හුගාක් කාලෙකින්.. අයි මීන්.. අවුරුදු 3කට පස්සෙ.."

    තේහ්‍යොං කින්ඩියට හිනා වෙලා කිව්වම රියාත් හිනා වුනා.

"යෙප්.. ඉතින් මගෙ පැටියෝ.."

   එයා එහෙම කියාගෙන මගෙ අතේ ඉදපු දෝවොන්ව ගන්න අත දික් කලා.. මට තිබුන ලොකුම බය.. එලියට පයින්න වගේ ගැහෙන හදවත ඒකට හොදම සාක්ශියක්.. මම අසරන වෙලා බලන් ඉන්දෙද්දි තේහ්‍යොං ඉස්සරහට ආවා.

"  මම කිව්ව රියා.. ලමයව අල්ලන්නවත් දෙන්නෑ ඔයාට මං.."

   තේහ්‍යොං එහෙම කිව්වත් රියා මගෙ අතේ ඉදප්‍උ දෝවොන්ගෙ අතකින් අල්ලගත්තා.

" පැටියෝ.. ඔම්ම ලගට එන්නැද්ද ආ.."

   එයා ඇහුවම දෝවොන් මගෙ බෙල්ල අස්සෙ මූන හිරකරගත්තෙ අත් දෙකෙන්ම මාව බදාගන්න ගමන්.

" හහ්.. මේ කව්ද තේහ්‍යොං මේ.. බබාව බලාගන්න නැනීද.."

   මගෙ දිහා බලල හිනාවෙලා.එයා.තේහ්‍යොං ගෙන් ඇහුවා. නැනි නෙමෙයි ඔම්මා කියලා මට ඒකට උත්තර දෙන්න හිතුනට් මම කටවහන් ඉදියෙ මේ වෙලාවෙ අඩන්න ඕනි නැති නිසා.

" නැහ්.. දෝවොන්ගෙ නැනි නෙමෙයි මේ.. එයාගෙ ඔම්මා."

   තේහ්‍යොං කිසිම ගානක් නැතිව කියල මගෙ උරහිස වටේ අත දාගත්තා.

" වට්.. ආ යූ කිඩින් මී මිස්ට තේහ්‍යොං .. ඔම්මාහ්.. 🤣 මැරි කරලවත් නැති ඔම්ම කෙනෙක් මම දැක්කමයි.."

  
     එයා කියන ගමන් මගෙ අත් දෙක දිහා බලනව මම දැක්කා. රින්ග් එකක්.නැතිව පලු වෙලා තිබුන අතින් එයා තේරුම් ගන්න ඇති..

" ඔහ්.. සමාවෙන්න ආරාදනා කරන්න බැරි වුනාට.. හෙට ඉදන් මෙයා මගෙ වයිෆ්නෙ.. "

   තේහ්‍යොං එහෙම කියල මගෙ කරවටේ තිබුන අතින් මාව එයාගෙ ඇගට තවත් තද කරගන්නව මට දැනුනා.

𝘚𝘵𝘰𝘭𝘦𝘯 𝘚𝘸𝘦𝘦𝘵𝘩𝘦𝘢𝘵 || 𝘒𝘛𝘏 || ✔Where stories live. Discover now