Chapter 12

2.1K 271 16
                                    

පහුවෙනිදා දවල් වෙද්දි අපි ගෙදර ආවා..  මම ගෙදරින් එද්දි අම්ම ඉදියෙ නෑ.. නංගි කෝල් එකක . මම ලියුම් කවරෙක දාපු මගෙ ලග තිබුන සල්ලි ටික් අප්පච්චි වෙනුවෙන් ගෙදර මේසයක් උඩින් තියලා නංගිගෙ කාමරේට ගියෙ යනව කියන්න. ඊයෙ වුන කතා බහට පස්සෙ නංගි ටේහ්‍යොං එක්ක කතා කරනව මම දැක්කෙම නෑ.. මම දෝවොන්වත් උස්සගෙන එයාගෙ කාමරේට යද්දි කාත් එක්ක හරි කෝල් එකක්..

" ම්ම්.. මම.හිතන්නෙ ඒකි යයි අද.. හපෝ.. ඒකි ආව නිසා අපේ සල්ලි වියදම් නොකර ඒකිගෙ මනුස්සයගෙ සල්ලි වලින් ඔක්කොම වැඩ කරගත්ත.."

     හැමදෙයක්ම නෑහුනා වගේ තට්ටු කරල කාමරේට ගිහින් තොල් වලින් මම යන්නම් කිව්වම එයා ඔලුවෙන් පෙන්නුවෙ ඉතින් යන්න කියන්නවගේ.. මම මුකුත්ම නොකියා ආපහු එලියට එද්දි ටේහ්‍යොං කැබ් එක ලගට වෙලා බලන් ඉන්නව.

" යං.. ආයෙ මෙහෙ එන්න ඕනි නෑ බබී.."

     එයා මාව කැබ් එකට නග්ගගෙන නිදිකිරා වැටෙන දෝවොන්ව එයා ලගට ගත්තා.. දකුනු අත මගෙ කර වටේ දාගත්තු ටේහ්‍යොං මාව එයාගෙ පපුවට තුරුල් කරගත්තා.. ඒත් එක්කම මෙච්චර වෙලා හිරකරන් ඉදපු කදුලු පේලියට මගෙ ඇස් වලින් වැටුනේ ටේහ්‍යොං ගෙ ශර්ට් එක තෙත් කරමිනුයි..

" ටේ.. එ..එයා මගෙ අම්මා.. එයා.. කොහොමද .. අන්තිම පාරටවත්.. ආහ්.. "

    කටින් පිට වුන ඉකිය නිසා තවත් කතා කරගන්න බැරිව මම ගොලු වෙද්දි ටේහ්‍යොං මුකුත්ම නොකියා මගෙ හිස්මුදුන සිපගත්තා..

කොරියාවට එනකම්ම එයා ඒ දේවල් ගැන මුකුතම කතා කලේ නෑ.. දවල් වෙද්දි හොටෙල් එකකින් ලන්ච් එක අරගෙනම අපි ගෙදර ආවා..

' දැන් මේක තමා මගේ තැන.. මගේ ගෙදර.. ටේහ්‍යොං ,දෝවොන් ඇරෙන්න මට කවුරුත් නෑ.. නොනිමි හිත හයියයි ඔයාගෙ.. හැමදේම හොදින් වෙයි.. '

" යං.. දෝවොන් මන් එක්ක වොශ් දාන්න.."

    හොද හුස්මක් අරන් සැහැල්ලු වුන මම ටේහ්‍යොං අතේ ඉදපු දෝවොන්ව උස්සගත්තා..

" නං...ඔම්මා.."

" අනේ මගෙ මැනික.."

    මම දෝවොන්ගෙ කම්මුලක හාදුවක් තවරලා මුකුත්ම නොකිය බලන් ඉන්න ටේහ්‍යොං දිහා බැලුවා..

𝘚𝘵𝘰𝘭𝘦𝘯 𝘚𝘸𝘦𝘦𝘵𝘩𝘦𝘢𝘵 || 𝘒𝘛𝘏 || ✔Where stories live. Discover now