Chapter 6

2.1K 291 52
                                    

මගෙ කම්මුල් රත් වෙලා වගේ දැනුනා..  ඒතරම් අද අර මනුස්සය මගෙ ලගින් ඉදියනෙ..

  මං කෑම ටික මේසෙට අරින අතරෙ එයා ප්‍රින්ස්ව එක්කන් ආවා..

   මම කෑම ටික බෙදලා පැත්තකට වුනේ එයාලට කන්න නිදහස දීලා.. බබාට එයා කවයිනේ.. එයයි බබයි එකට ඉන්න වෙලාවන් අඩුයි.. දෙන්න ඒ නිසා එකට ඉන්න ආසයි..

" ආන්තී.. එන්නකූ.. කවන්නෙ නැත්ද.. "

      මම ටේහ්‍යොං දිහා බලද්දි එයා ඔලුව වැනුවෙ මට වාඩි වෙන්න කියල. මම බබාගෙ එහාපැත්තෙන් වාඩි වෙලා ඉබුල් කිරිබත් ගෙඩියක් පිගානකට බෙදාගත්තා.. බබාට සැර කන්න බැහැනෙ..

"ම්ම්.. නොනිමි.. මේ තියෙන්නෙ මොනාද..  මන් මීටකලින් දැකල නෑනේ.."

     මන් හිතුව අහයි කියලා.. මන් හිනාවෙලාම එයාට උත්තර දෙන්න ගියත් ප්‍රින්ස් මට වඩා ඉක්මන්..

" අප්පා..  ඒ ආන්තිලෑ රටේ කෑමක්.. ම්ම්ම් .. සස පාටයි.. "

" ස.... ආ නෑ.. මේ කිරිබත්.. මේක ලංකාවෙ කෑමක්.. මම කියන්නෙ මේ මගේ රටේ.."

" ආහ්.. කාලම බලමු.. මේ ජාති තීන්නෙ එක එක විදියට හදලද.. නිකම් මේ කිම්චි වගේ.."

" ඔව්... ඔය මේ පැත්තෙ තියෙන ඒවනම් බබාට හැදුවෙ.. පැනි රසට.. ඔය කෑලි කපල තියෙන්නෙ ටේහ්‍යොංශීට.. ඉන්නකො.."

          මේ මනුස්සයට බෙදාගන්න කිව්වොත් මොනව නටයිද දන්නෑ.. ඒ නිසා මමම කිරිබත් කෑලි දෙක තුනක් දාලා ලුනුමිරිසුයි සීනි සම්බලයි බෙදුවා.. 🤣

" හරි ටේහ්‍යොංශී කන්න.. දැන් හරි.. "

     මම කියද්දි එයා කන්න පටන් ගත්තා..  මමත් මගෙ පාඩුවෙ දෝවොන්ට කැව්වා..

පොඩි එකා රස කර කර කෑවෙ කිරි රහයි පැනි රහයි දෙක මික වුනාම ඇත්තටම රස නිසා වෙන්න ඇති.. ලංකාවෙ අපිටත් කොච්චර කෑවත් එපා වෙන්නෙ නැති කෑමක් වෙද්දි.. කිරිබත් මෙහෙ කෙනෙක් කෑවම හැමදාම කයි ඕනි නම්..

දෝවොන්ට කවල ඉවර වෙද්දි මම ටේහ්‍යොං දිහා බැලුවම මට හිනාත් ගියා..

කන්දෙකේ ඉදන් රතු වෙලා... නලලින් දාඩිය බේරෙනවා. කම්මුල් රෝසපාට වෙලා..

𝘚𝘵𝘰𝘭𝘦𝘯 𝘚𝘸𝘦𝘦𝘵𝘩𝘦𝘢𝘵 || 𝘒𝘛𝘏 || ✔Where stories live. Discover now