Chapter 8

2K 280 29
                                    

දවසම ඔම්මා ඔම්මා ගගා මගෙ පස්සෙන් ඇවිදින දෝවොන්ව හොයන්න ටේහ්‍යොං දෝවොන්ගෙ පස්සෙන් යනවා.. පොඩි එකාගෙ කටට අලුත් වචනයක්.. ඔම්මා... එයා කියලම නැය්හි වචනයක්.. ඒ අහිංසක ඇස් දකිද්දි කොහොමද මම ඔයාගෙ ඔම්ම නෙමෙයි කියන්නේ...

ටේහ්‍යොං ෆෝන් එක ඕෆ්ම කරල දාල.. මම දන්නෙ නෑ ඇයිද කියලා.. ඒත් එයා මුලු දවසම දෝවොන් එක්ක ඉන්නවා..

" ඔම්මා.. ඔම්මා.. කෝද ඉල්ලේ.. "

මම මගෙ කාමරේට වෙලා මගේ රෙදි ටික නම නමා ඉන්දෙද්දි පහල ඉදන් දෝවොන් කෑගහනව ඇහුනා...ටේහ්‍යොං එක්ක ටීවී බල බල ඉදපු කෙනා ඇයි කෑගහන්නෙ..

" දේ.. මැනික මම කාමරේ... ඉන්න මේ එනෝ..."

මමත් රෙදි ටික තියල යන්න හැදුවම එයා ඇවිත් .. ටේහ්‍යොං එක්ක..

" ඔම්මා.. "
කියාගෙන ඇවිත් ඇදේ වාඩි වෙලා ඉදිය මගෙ කකුල් දෙක බදාගත්තා..

" ඕ.. එන්න මැනික උඩට.."

" බබාත උස නෑ..."

" කෝ එන්න.."

. මම එයාව උස්සල ඇදේ මගෙ එහාපැත්තෙන් වාඩි කරව ගත්තා..

" අප්ප.. අප්පත් එල්ලකෝ.. කෝ..එල්ල.. "

දෝවොන් ඇදෙන් බිමට පැනල ගිහින් ටේහ්‍යොං ගෙ අතකින් ඇදගෙන ඇද ලගට ආවා.. ටේහ්‍යොං මුකුත්ම නොකියා ඇදේ මං ලගින්ම වාඩි වෙද්දි මගෙ කන් දෙකේ ඉදන් රතු වීගෙන ආවා..

ආශ් .. නොනිමී.. මොකද රතු වෙන්නේ.. පිස්සුද..

" ඔම්ම ... ඔම්ම ගාව සූදයි.."

මගෙ උකුලට පැනපු දෝවොන් මගෙ පපුවෙ මූන හංගගෙන කිව්වා..

" මැනිකත් හැමදාම වොශ් දැම්මොත් සූදගහන්න පුලාන්.."

මම කට කොනකට හිනාවක් අරන් කිව්වෙ දෝවොන් නාන්න හුගාක් අකමැති නිසා.. නාන්න ගියාම වෙනම යුද්දයක්...

ඒ අස්සෙ ටේහ්‍යොං හිනා වෙනව මම දැක්කා.. මම එයාගෙන් ඇයි කියල අහන්න යද්දිම මට කෝල් එකක්..

" කව්ද මේ.. ලංකාවෙ නම්බර් එකක්.."

මට සින්හලෙන්ම කියවුනා.. ටේහ්‍යොං මූන අමුතු කරන් බලන් ඉදියා මම දැක්කා..

𝘚𝘵𝘰𝘭𝘦𝘯 𝘚𝘸𝘦𝘦𝘵𝘩𝘦𝘢𝘵 || 𝘒𝘛𝘏 || ✔Where stories live. Discover now