" නිමී.. දන්නව නේද .. මේ ලෝකෙ දැන් හුගාක් දියුනුයි.."
තේහ්යොං මගේ අතක් තද කරලා අල්ලගන්නව මට දැනුනා.
" මම මේ සම්බන්දව හුගාක් තැන්වලින් හොයලා බැලුවා. මගෙ යාලුවෝ, ප්‍රොෆෙසර්ස්ලා වගේ හැම කෙනෙකුගෙන්ම.. නිමී.. මම දන්නවා.. හැම ගැහැනු කෙනෙකුගෙම හීනයක් තමා තමන්ගෙම කියලා දරුවෙක්. ඉතින් මම දන්නවා අන්න එතනදි නිමී දැන් වගේම ලොකු අපහසුතාවයකට මුහුන දෙනවා කියලාත්. මේ දැන් මගෙ ඔම්මා ඉස්සරහ වගේම."
ජින් ඔප්පා කියන්නෙ ඇත්තක් බව මම දන්නවා. ඒත්.. ඒත් කොහොමද..
" මට හුගාක් පුදුම හිතුන ඔයා මෙච්චර ඉගෙන ගෙනත් ඒ ගැන චුට්ටම චුට්ටක්වත් හොයල නොබලල තිබුන එක ගැන. ඔයා වගේ මේ ලෝකෙට ඉන්නෙ එකම එක්කෙනෙක් නෙමෙයි. තව හුගාක් අය ඉන්නවා. ලෝකේ ඉන්න ගැහැනු අය අතරින් සමහරුන්ට ඒ අංගය අහිමි වෙද්දි සමහර අය උවමනාවෙන්ම ඒක අහිමි කරගන්නවා. ඉතින් ඒකෙන් ස්වභාවිකවම ගර්බාශය අහිමි උන අයට ලොකූ චාන්ස් එකක් මේ තාක්ශනය එක්ක හිමි වෙනවා.නිමී වගේ කෙනෙක්ට, ඒ චාන්ස් එක ලැබෙන්න ඕනි.ඉතින්.. "
ජින් ඔප්පා ලොකු කතාවේ මැදින් නතර කරලා මන් දිහා ආදරෙන් බලන් ඉදියා. මට තේරුනා.. මම කොච්චර ඉගෙන ගත්තත් ඒ දේ ගැන හොයන්න වුවමනාවක් තිබිල නැති වග..
" ඉතින් නිමී.. අපි හැමදේම ලෑස්ති කලා.."
තේහ්යොං ජින් ඔප්පගේ වාක්‍ය සම්පූර්ණ කලා . ඒ එයාගෙ අත මගෙ කර වටේට ඔතාගෙන හිස් මුදුන යන්තමින් සිපගන්න ගමන්.
" හැමදේම කි..ව්..වේ.."
" ම්ම්.. මෙහෙමයි ඒක වෙන්නෙ. නිමී අහල තීනවනෙ හදවත්, වකුගඩු බද්ද කරන එක ගැන. නේද.."
" ඔව්.. ඔප්පා කියන්නෙ බැරි වෙලාවත් ගර්භාෂයත් එහෙම..???"
මට හුස්ම හිරවීගෙන වගේ ආවා..
" ඔව්.. මොකද බැරි නිමී.. දැන් ලෝකෙ දියුනුයි. ඇමෙරිකාව , චීනය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය වගේ රටවලත් මෙහෙ ඒ කියන්නෙ දකුනු කොරියාවෙත් ඒක ගොඩාක් සුලභ සැත්කමක්. ඒකෙදි අපිට වුවමනා වෙන්නේ, දායකයෙක් සහ හොදම වෛද්‍යවරුන් විතරයි. ඉතින් නිමී තේහ්යොං මෙච්චර කල් මන් එක්ක ඒ හැමදේටම මහන්සි වුනා. අවසානෙදි අපිට කැලිෆෝනියාවෙන් ඔයාට ගැලපෙන ගර්භාෂයක් හොයාගන්න පුලුවන් වුනා..දැන් තියෙන්නෙ සැත්කම.."

YOU ARE READING
𝘚𝘵𝘰𝘭𝘦𝘯 𝘚𝘸𝘦𝘦𝘵𝘩𝘦𝘢𝘵 || 𝘒𝘛𝘏 || ✔
Fanfictionඅම්මල.. ගමේ අය කියන විදියට මං කාලකන්නි කෙල්ලෙක්.. එයාල කියන විදියට.. මම තමයි මේ පව්ලට අවාසනාව අරන් එන්නෙ. ගෙදරට බල්ලෙක් බිරුවත්, වලදක් බිදුනත් කොටින්ම කියනවනම් හොද්දකට ලුණු වැඩි වුනත් මගේ මූසල කම තමා A fiction about Kim Taehyung and...