01

1.4K 208 124
                                    

"සනා.. හෝප් ඇවිත්..."

මව් යානාව කිචන් එකේ ඉදන් කෑ ගහනවා ඇහුණු මන් ඉක්මනින්ම මගෙ හෙඩ්සෙට් දෙක කනේ ගහ ගත්තා..

ඔකෝමත් හරි මේ කරච්චලේ තමා ඉවසන්න බැරි..!

අප්පච්චි මව් යානාව එක්ක කොහොම වසනවද කියන එක නම් සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්...

ඔය කියන තරමට බිව්වත් ඒක හොයා ගන්න පුළුවන් වෙයි කියල මන් නම් හිතන්නෑ...

මොකද මට බොන්න ඕනම නෑ... බෝතල් මූඩි පෑගුනත් කෙල්ල බිම..!!

'සමහර විට පතාගෙන ආපු විදිහට ඔතාගෙන යන්නත් ඇති..'

අවසානෙදි මගේ උත්කෘෂ්ට අනභිවවනීය මොල රාජයා මට දුන්නු එකම සොලූෂන් එක ඒක..

"සනා.. සනා.. කන් ඇහෙන්නෙ නැද්ද...?"

අම්මා ආයෙම කෑ ගහනවා.. මන් ගනන් ගන්නවද..? නැ මිත්‍රවරුණි නෑ.. මන් අන්ධයෙක් බීරෙක් කොරෙක් ගානට කොහෙ හරි පතබරියං වෙලා හතර ගාතේ හතර අතේ දාගෙන ඉන්නවා..

"සනාශා..."

ඕ ගෝඩ් ආයෙම සැරයක්...!!

මන් කියන්නෙ මන් කියන්නෙ ඇයි මේ ගෙදර මිනිස්සුන්ට හෝප්ගෙන් තොර ලෝකයක් නැත්තෙ...?

සනා කියල ජීවියෙක් මේ ගෙදර.. අහල ගම් හතක තියා පෘථිවියේවත් අඩුම තරමේ සෞරග්‍රහ මණ්ඩලයේවත් නැති විදිහටයි එයලා ඉන්නෙම... ඒත් කොහේ හරි ලෝකෙකින්.. ලෝකෙ කිව්වට අපෙ අල්ලපු ගෙදරින් බලාපොරොත්තුව නොහොත් හෝප් ගොයියා කඩන් පාත් උණු ගමන් අපෙ මව් යානාවට මතක් වෙන එකම වචනය 'සනා'.. ඇත්තවශයෙන්ම ඇත්තවශයෙන්ම කිව්වොත් එයා කිරිදරුවාගෙ පටන් වලපයයි ගොඩපයයි ඉන්න වයසක මබුස්සයෙක් දක්වා එකී මෙකී නොකී සෑම වයස් පරතරයකම ඉන්නා සෑම කෙනෙකුගේම බලාපොරොත්තු උනත් ඔය හෝප් ගොයියා එන්නෙම මගේ සකළවිධ බලාපොරොත්තු සුන්නද්ධූලි කරමින් කියල කිසි කෙනෙකුට හරි හැටි නොතේරෙන එක නම් වේදනාවක්...

සුපුරුදු පරිදි මව් යානාවගෙ ඒ ඇනුම් බැනුම් වෙනස්කම් කන් දෙකේ දෝංකාර දෙන්න ගත්තෙ අසර මගේ හිත් පොජ්ජ තලා කුඩු පට්ටම් කරලා..

Ten minutes || JHope  (COMPLETED)Where stories live. Discover now