මන් කල්පනා කලා.. ඇස් වහගෙන ඉන්න අතරෙම..'එයාට මාව කැත නැද්ද...? මන් කියන්නෙ ඒක තුවලයක්.. බෙහෙත් දාලා ග්‍රෝස් වලින් ඔතල තිබ්බත් ඒක තුවාලයක්...'
ඒත් ඒ එක්කම මගෙ මොට්ට හිතත් මගෙන් තව ප්‍රශ්‍නයක් ඇහුවා..
'හොප්ට ඔය දේ උනා නම් ඔයාට එයාව අප්පිරියා හිතෙයිද...?'
ඒ පස්නෙ ඇතුලෙ මන් අතරමං උනා...
හෝප්.. මන් දැන් ඒ යකාට පන බය එක වෙනයි.. ඒත් මට එයාව කවදාවත් අප්පිරිය හිතෙන එකක් නෑ.. ඔව්.. ඒ හොප්.. මගේ හතුරා.. මගේ ආදරෙ.. මගේ හැමදේම..
ඉතින් මන් කොහොමද එයාව පිලිකුල් කරන්නෙ...? ඒක කවදාවත්ම වෙන්නෙ නැති දෙයක්...
'සනා... ඔයත් කරන්නෙ ඔය දේම තමයි...'
අන්තිමේදි මන් ඇත්ත පිලි ගත්තා..
ආදරෙ කියන්නේ ඒක වෙන්න ඇති...
හෝව්.. හෝව්.. පොඩ්ඩක් ඉන්න... ඒ කියන්නෙ... ඒ කියන්නෙ... නෑ... ඒක වෙන්න බෑ...
හොප් මට අදරෙයිද....?
'යා.. මිච්චස්සෝ....? දවල් හීන දකින්නෙපා..'
මගෙ මොලේ ආයෙම මට වෝනින් ඇලට් එකක් එව්වෙ හොප් දැනටමත් මැරීගෙන ආදරෙ කරන අර සුකුරුත්තමගෙ මූනත් තහඩුව හදිසියේම මතක් වෙලා..
කොහොම හරි අන්තිමේදි මම තීරණේ කලේ එකම එක දෙයයි..
හෝප් කියන්නෙ අවයව ජාවාරම් කාරයෙක්..!!
එච්චරයි....!!!
හෝප් හෙමිහිට මගෙ කකුල් එයාගෙ උකුල උඩින් අරගෙන ආයෙම ඇද උඩින් තිබ්බා.. එයා ඒ හැම දෙයක්ම කලේ හරියට පොඩි බබෙක් බලා ගන්නව වගේ.. අඩුම තරමේ එයා අල්ලන් ඉන්නව කියලවත් මට නොදැනුන තරම්..
'ෆ්ෆු.. අඩු දෙක නම් සේෆ්.. දැන් ඉතින් වකුගඩ්ඩ තමයි ලෙප්ට් වෙන්න තියෙන්නෙ.. දැන් තමයි මගේ ඇඟට ලේ ඩිංගක් ඉනුවෙ.. ඒත් දෙයියනෙ මගෙ වකුගඩ්ඩ.. ඒක තනිකරම අනතුරේ...'
එකපාරටම.. එකපාරටම මට චිරිස් ගාලා සද්දයක් ඇහුනා..
'හුටා... අන්ඩක් කැඩුනා වද්ද...?'
YOU ARE READING
Ten minutes || JHope (COMPLETED)
Fanfiction"මින්ත්තු දහයක් උනත් ගොඩක් ලොකු කාලයක්..." Fanfiction only ❤ 🚫 Don't copy 🚫