'දේශ්.. චෙබල්... සනාව බලා ගන්න.. එයා එන්න එන්නම හිතුවක්කාර වෙනවා..''හෝප් එයා හිතන් ඉන්නෙ ඔයා එදා එයාව හිතලම පාර මැද්දෙ රෑ දාලා ගියා කියල.. ඇයි ඔයාට මේ වෙන දේවල් එයාට කියන්න බැරි..? එයා හිතුවක්කාර වෙන එකට වග කියන්න ඕන ඔයයි...'
'මන් දන්නවා.. ඒත් මට කරන්න දෙයක් නැ දේශ්...'
'යා.. මිච්චස්සෝ...? ඒ අහින්සකීට රිද්දන්නෙ නැතුව ඉන්නවකො...
.
.
.
බලනවා.. බලනවා... තමුන් නිසා ඒ කෙල්ලට තාමත් සිහියක් නෑ...''මන්.. මන් හැමදේම ඉක්මනට හරි ගස්සන්නම්.. එතකන් විතරක් එයාගෙ ළඟින් ඉන්න...'
'මන් කෝමත් එයාගෙ ළඟින් තමයි ඉන්නෙ මනුස්සයෝ... තමුන් කිව්වත් නැත්තත් මන් එයා ළඟ ඉන්නවා.. සනා කියන්නෙ මගේ එකී.. මේ නොදන්න රටේ වචනයක්වත් කතා කර ගන්නවත් බැරුව තනි උණු වෙලේ මාව තනි නොකර මට උදව් කල එකී.. මන් කොහොමත් සනා එක්ක ඉන්නවා.. මට පුලුවන් හැම වෙලාවෙම.. ඒත් එකක්.. මන් සනා එක්ක ඉන්නකොට නැට්ට ගිනි ගත්තු හනුමන්තා වගේ දඟලන එක නවත්තනවා...'
'මෝ..? හනු... හනුම.. ඒ කවුද..?'
'අල්ලල දානාවා... ඌ ගැන උබ දන්නැ...'
'මන් දැන් යනවා.. සනාගෙ ළඟින්ම ඉන්න..'
'ඒයි.. හෝප්... කෙල්ලට සිහිය එනකන්වත් ඉන්නවා.. අඩුම ඒකිව අරගෙන ආවෙ උබ කියලවත් ඒකිට දැන ගන්න අයිතියක් තියෙනවා.. කියනදේ අහනව මිනිහෝ... කොහෙද පස්ස කැඩිච්ච කූඹියා වගේ දුවන්නෙ.. උබ ඔය කරන වැඩෙන් තවත් උබල අතරෙ ප්රශ්න ඇති වෙන එක විතරයි වෙන්නෙ.. හෝප්.. ඉන්නවා මනුස්සයෝ.. මන් කියන දේ අහනවා...'
මට මැරිලා වගේ නින්ද ගිහින් තිබුණා.. මට ඇහැරුණේ මන් හිටපු තැනට ටිකක් ඈතින් වගේ ඇහුණු සද්දයක් නිසා... ඇත්තම කිව්වොත් මන් නිදාගෙන හිටිය ද නැත්නම් මට සිහි නැති උනාද කියන එක තාමත් මට සෑහෙන්න බොන්න ඕන පස්නයක්.. ඒත් එලියෙන් ඇහුනු කටහඬ නිසා ඕපදූප හොයන්න මුළු රේඩාර් පද්ධතියම එලියට දාගෙන හිටපු මට ඊටත් වඩා බොන්න ඕන පස්නයක් ඒ වෙලාවෙ ඇති වෙලා තිබුණා..
YOU ARE READING
Ten minutes || JHope (COMPLETED)
Fanfiction"මින්ත්තු දහයක් උනත් ගොඩක් ලොකු කාලයක්..." Fanfiction only ❤ 🚫 Don't copy 🚫