"දැන් කොහෙද අපි යන්නෙ..?"
යනවා යනවා යනවා යනවා ඉවරයක් නැති වෙනකොට තරහ මරහ තත්පර අරික්කාලකට විතර අමතක කරල දාලා මන් හෝප්ගෙන් ඇහුවා .
ම්ම්හු.. නෑ.. රිප්ලයි ඉල්ලේ....!
ගල් බමුණා වගේ මන් දිහාවත් නොබලා ඇස් ගෙඩි දෙකත් ඉස්සරහටම හරවගෙන හෝප් වෙහිකල් එක ඩ්‍රයිව් කරන් යනවා..
'හෝප් කාරයට හල්මොනිවත් වැහිල ද..?'
නිකමට වගෙ මගෙ නොසන්ඩාල හිතට ඒ විදිහට හිතුණත් හෝප්ගෙ හල්මොනි තාමත් දහ අටේ කැල්ල වගෙ යස අගේට දේගුවල හෝප්ලගෙම අනිත් ගෙදර ඉන්නව කියල මතක් උනාම මගෙ ඒ නොහොබිනා අදහසට පයින් එකක් ගහල එලියට දැම්මෙ වැරදිලා හරි පන පිටින් ඉන්න හෝප්ගෙ හල්මොනි පනපිටින්ම එලොව යවන්න ප්ලෑන් ගැහුව කියල ඒකා දැන ගත්ත නම් මගෙ හොදට තියන දත් සෙට් එකටත් තට්ටු වෙන බව දන්නා නිසා..
මව් යානාවගෙ අණ නිසාම බත් කාඩ් එක කැන්සල් වෙන බයට මේ ගල් බූතයා එක්ක ආවත් ආපු වෙලාවෙ ඉදලම මැටි ගුලිය තිබ්බ වගේ හොප් ඉන්න එක නම් මට මේ වෙනකොටත් තිත්ත වෙලා තිබුණා..
"අපි කොහෙද යන්නේ...?"
"මන් අහන්නෙ.. අපි කොහෙද යන්නෙ...?"
"යා.. කියනවා අපි කොහෙද යන්නෙ...?"
දන්න හැම විදිහෙන්ම මන් ඇහුවත් හෝප් ගෙන් නම් උත්තරයක් ලැබුණේම නෑ..
මව් යානාවගේ සුවච කීකරු හෝප් නෝ කතා... නෝ සිනා..
මේකා ගල් ගිලල ද...? නැත්නම් කටට දාපු ඉබ්බගෙ යතුර අමතක වෙලා ද...? අනී... වෙන්න බෑ.. මන් හිතන්නෙ පොර අද උදේට දත් මැදල නෑ... ඒක තමයි මේ කට ඇර ගන්න බැරුව දඟලනෙ..
එත් උදේ කතා කලානෙ.. මට කුණු කානු ස්මෙල් එකක් ආවෙත් නෑ හැබැයි.. එතකොට මව් යානාවගෙ බලාපොරොත්තුවට මොනාද එකපාර උනේ.. පොරගෙ බලාපොරොත්තු ඔක්කොම පොරවත් බලාපොරොත්තු නොවුණ විදිහට අන්තරස්දාන වත් වෙලා ද...?
අනිච්චේ දුක්කේ...!
"අපි කොහෙද යන්නෙ..?"
"මන් කොහෙද මෙ යන්නේ..?"
"යා... උද්දච්චයා.. යා.. ඔළුව පිම්බුණු වදකාරයා.. තමුන් කොහෙද මේ මාව බලහත්කාරෙන් අරගෙන යන්නෙ...? කියනවා...."
YOU ARE READING
Ten minutes || JHope (COMPLETED)
Fanfiction"මින්ත්තු දහයක් උනත් ගොඩක් ලොකු කාලයක්..." Fanfiction only ❤ 🚫 Don't copy 🚫