04

525 165 133
                                    

හෝප් මාව කර ගහගෙන ශොපින් මෝල් එක ඇතුලටම අරගෙන ගියේ ඇතුලෙ හිටපු ජනී ජනයා අන්දමන්ද කරමින් ඒ සියලූම දෙනාගෙ සකලාවිධ වූ වැදගත් වැඩ රාජකාරි සියල්ලටම බාධා කරලා.. සුවහසක් කොරියානු ජනයා ඉදිරියේ නිර්වස්ත්‍රව ඇවිදගෙන යන්න වගේ විලි ලැජ්ජා සහගත ෆීලින්ග් එකක් මට ඩවුන්ලෝඩ් වීගෙන ආවෙ හැමෝම කටවල් බෙංගාල බොක්ක වගේ හදාගෙන මේ මල විගඩම දිහා කන්පියුස් උන්ගා බුන්ගා වෙලා බලාගෙන හිටපු නිසා..

'මුඛය නිසා ෆිෂ්ලා නහිනවා කිව්වට මෙහෙමත් නැහිල්ලක් නම් වනේ වන හතුරෙකුටවත් සිද්ද වෙන්න එපා දෙයියනේ..'

බෙංගාල බොක්කටත් ඇටෑක් එකට වගේ කට ඇරගෙන හිටපු අජුම්ම කෙනෙක් දිහා බලාගෙන මන් හිතුවෙ මගේ නම්බුව ලෙප්ට් වෙලා යන මේ දුක්ඛිත සිද්දිය නිසා වේදනාවෙන් හද සන්තානයත් මිරිකෙනකොට... මගෙ ඒ සුසිනිදු හදසන්තානෙ වේදනාවෙන් මිරිකිලා මිරිකිලා පිටතට දෝරෙ ගලපු ඒ වේදනාව ගැනවත් නොහිතා අජුම්මගෙ අධෝ හනුව එහෙමත් නැත්නම් ඔලු කට්ටෙ චලනය කරන්න පුලුවන් එකම ගැජමැටික් එක කොයි වෙලේ හරි බිමට මේ දැන් වැටෙයි වැටෙයි කියල ආසාවෙන් බලන් හිටියත් ඒ වගෙ දෙයක් උනේ නැති නිසාම අන්තිමට ඒ ආසාවත් පැත්තකට තියල හෝප්ට කෑ ගහන්න ගත්තා..

"යා.. මාව බිමින් තියනවා.. හෝප්... ආහ්.. එක්කො ඕන්නැ දැන් ඉතින් ආයෙ මොකට බිමින් තියන්නද..? මගෙ විතරක් නෙවෙයි මගෙ මුළු පරම්පරාවෙම රෙදි ලෙප්‍ට් උනානෙ.. දැන් ඉතින් උස්සගෙනම ඉන්නවා..."

හෝප්ගෙ කරේ කූඩැල්ලා වගේ එල්ලෙන ගමන් අඩු පඩු සියල්ලම දාලා ලොක් කරගෙනම මන් කිව්වෙ හෝප් බීරෙක් වගෙ මාවත් අරගෙන ශොපින් මෝල් එකෙ ලේඩීස් ඇදුම් තියෙන සයිට් එකට හැරෙනකොටම..

"බහිනවා බිමට.. සනා.. බහිනව බිමට..."

හෝප් ඇටි කෙහෙල් කාපු උගුඩුවෙක් වගෙ මට කිව්වත් මන් සරීර කූඩුවෙ තිබුණු ශක්තිය ඔක්කොම දාලා හෝප්ගෙ බෙල්ලෙම එල්ලිලාම හිටියෙ හනුමන්තගෙ නැන්දා බැදපු බාප්පාගෙ අක්කගෙ දුව වගේ..

"ශිරො.."

තවත් ටිකක් වෙලා ගියත් තාමත් බෙල්ලෙම එල්ලිලා ඉන්න මන් දිහා ශොපින් මෝල් එකෙ කීප දෙනෙක්ම බැලුවෙ ඇමර්සන් වලින් හම්බ උණු දුර්ලභ ගණයේ වඳවී යන වානර විශේෂයක් දිහා බලනව වගේ..

Ten minutes || JHope  (COMPLETED)Where stories live. Discover now