11

412 145 104
                                    


"හ්...හ්...හෝප්.."

මගෙ කටින් වචන පිට උනාද නැද්ද කියල මටවත් තේරුණේ නෑ.. මන් හිටියෙ ලොක් වෙලා.. හරියටම මගේ කට වහල ඒකට ඉබ්බෙක් දාලා වගේ... හිස් හැඟීමෙන් බලන් හිටපු මට ඇහුණෙ හෝප්ගෙ කටහඬ...

"සනා.. තමුන්ට ලැජ්ජාවක් නැද්ද...?"

හෝප් හිටියෙ ගොඩක් ලොකු කේන්‍තියකින්.. හරියට මේ දැන් ප්ලේට් එකට දාපු රෝස් කරපු කුකුල් කකුලක් වගේ රස්නෙට... කුකුල් කකුලක්...? අනී.. ඒක හොද වැඩියි... එක්කො අපි ඒකට හරක් කකුලක් කියමු..

හොප්ගෙ මුළු මුණම දාඩිය වලින් නෑවිලා තිබුණා.. හරියට එයා කොලේජ් එක පුරම තනියම මැරතන් එකක් දුවලා වගේ.. හෝප්ගෙ අත්වල පවා නහර ඉලිප්පිලා තිබුණා...

එතකොට හෝප්ගෙ ඇස්...? ඒ ඇස් වෙනදාට වඩා රතු පාට වෙලා තිබුණා... ඒවගෙ අරය වෙනදට වඩා වැඩි වෙලා තිබුණද මන්දා... අද ටිකක් ලොකුයි... ඒවා එලියටවත් වැටෙයිද..? මගේ අවුලක්ද.. මගේ මොලේ අවුලක් ද එහෙමත් නැත්නම් මගේ ඇස් වල අවුලක්ද කියන්න හරියටම දන්නෙ නැති උනත් ඒ ඇස් දැක්කම මට හිතුණෙම ඒම... හැබැයි ඇත්තටම ඒවා වැටුණොත් අහුලල දෙනවා කියලා මන් හිතා ගත්තා... ඒත්.. එක්කො ඕන්නෑ හෝප් මට ගැහුවනෙ.. මන් පැත්තවත් බලන්නෑ.. ඉන්නවකො ඒවා බිම වැටුනොත් මන් ඒකට පයින් ගහනවා හුම් ... සත්තයි.. පින්කි ප්‍රොමිස්...

වට් ... වෙයිට්..! වට් ද *** ? හෝප් එයා... එයා මට ගැහුවා...!! ඔව්.. එයා එහෙම කලා.. වැඩකට නැති කෙල්ලෙක් නිසා ඉපදුන දවසෙ ඉදන් එක පැම්පස් පැකට් එක ශෙයා කරගෙන හිටපු මට එයා ඒම කලා... හෝප්..!! එයා කෝමද මට එහෙම කරන්නෙ.. ? මේ හැමෝම ඉස්සරහා.. ??

සනා.. නෝප්... අඩන්නෙපා... ආශ් ටැප් එක ඇරියා නේත..?

සනා... බහුබූති.. ඔය අඩෝවැඩියාව නවත්ත ගන්නවා...

නෑ.. ඔයාට අඩන්න බෑ...! යා... ඕක නවත්ත ගන්නවා ගල් මූසලී...!

මගෙ හිත කොච්චර කිව්වත් ඒ කිසි දෙයක් අහන්න මගෙ මොට්ට ඇස් දෙකට නම් ඕන උනේ නෑ.. අන්තිමේදි උනේ මහා සෙනඟක් මැද මන් මොට්ටයෙක් වගේ අඩපු එක..

ලැජ්ජාව බාස්කට් එකෙන් එකයි..

කොලේජ් එකේ ඉන්න නසරානිම චන්ඩි සනාගෙ නම්බුව ලෙප්ට්...!

Ten minutes || JHope  (COMPLETED)Where stories live. Discover now