17

430 141 112
                                    


හොප් එක්ක මන් අපේ apartment එකට ගියා.. ඒකත් ඇදන් ඉදපු ඇදුම් පිටින්ම.. හරි... ඉන්න කලබල වෙන්න එපා.. මන් යන්තම් දත් ටික නම් මැද ගත්තා... ඒකවත් කර ගත්තනෙ.. ගැම්මක් තමයි...!

ඇත්තම කිව්වොත් මාව නම් අරගෙන ගියේ මරන්න අරන් යන හරකෙක් වගේ දක්කගෙන.. ඇත්ත.. මන් හෝප්ට අදරෙ කලා තමයි.. සත්තයි.. මේ තුන් හිතක නම් ඒ පෝලිසාදය බැද ගන්න නම් අදහසක් තිබ්බෙ නෑ..

ඔව් ඉතින් එහෙම අදහස් කොහෙ තියෙන්නද...? පුදනකොටම කාපි යකා වගේ මගෙ ලව් එකත් කොහෙන්ද ආපු තොරම්බල් කරත්තයක් උස්සගෙන ගියානෙ...

"බේබ්.. මෙහාට එන්නකො...."

මොකා..?

"මේ හලෝ තමුසෙ මටද කතා කලේ...?"

මන් හෝප්ගෙන් කෑ ගහල ඇහුවත් කන් ඇබ දෙකක් කනේ ගහන් පස්සත් උඩ දාගෙන ඇද උඩ පත බෑවිලා හිටපු ඒ වදකාරයට නම් මන් කියන ඒවා ඇහුනෙ නෑ..

"සනා.. බේබ් එන්නකො...."

කලින් පාරටත් වඩා සද්දෙන් හෝප්ගෙ ටින් බෙලෙක්ක සද්දෙ ඇහෙනකොට මන් දඩිබිඩි ගාලා ඒකා ඉන්න තැනට දිව්වෙ ආපු ගමන්ම මෙච්චර සද්දෙන් කෑ ගහන්න මන් මොන විනාසයක් කරලද කියල හිතන ගමන්..

'අදත් මොකක් හරි වැරැද්දක්ද දන්නැ...'

ඇත්ත වශයෙන්ම කිව්වොත් මට මේ වෙලාවෙ හොප්ව පෙනුනෙ විල්සන් මාමා වගේ.. විල්සන් මාමා ගිරිය පුප්පන් දඟයෝ කියල කෑ ගහනකොට දඟයට මොන වගේ ෆීලින්ග් එකක් එනවද කියල මන් හරියටම තේරුම් ගත්තෙ මේ වෙලාවෙ...

"බේබ්.. මෙතනින් වාඩි වෙන්නකො..."

හොප් එයාගෙ ලඟින් බෙඩ් එකට තට්ටුවක් දාලා ඒ තැන පෙන්නල කිව්වම මන් එයා දිහා බලන් හිටියෙ විශ්වාස කරන්න බැරුව වගේ..

තත්පරෙන් වෙස් පෙරලෙන මේකව කොහොම නම් විශ්වාස කරන්න ද...?

මන් කෝකටත් කියල මගෙ බඩ වටේටම අත් දෙක ඔතා ගත්තා.. කියන්න බෑනෙ මේකා මාව මුලා කරල වකුගඩ්ඩට වැඩේ දුන්නොත් මොන දෙයියන්ට කියන්නද....?

කෝකටත් කියල පෙර සූදානමෙන්ම මන් ගිහින් හොප් ළඟින් වාඩි උනා... ඒ එක්කම හෝප් මගෙ ඇඟ වටේ අත දාලා එයාගෙ පපුවට මාව හේත්තු කර ගත්තා...

Ten minutes || JHope  (COMPLETED)Where stories live. Discover now