06

447 143 129
                                    

"Excuse me... ඔය අනඩර් ගාමන්ට්ස් ටික මේ මිස්ගෙ.. එයා ඒවට පේ කරයි..."

මන් දිහා දෙතුන් පාරක්ම නෝන්ඩියට බලලා මහම මහ නසරානි වෙට්ට පිත්තල හිනාවකුයි සට කපටි බැල්මකුයි දාලා හෝප් එතනින් මාරු වෙන්න හැදුවෙ මගේ ඉතුරු වෙලා තිබුණු නැනෝමීටර තරම් වුණු නම්බුවත් ඒ මිලි තත්පර දෙක තුනට හෝදලම දාලා...

යසයි යසයි.. ඔය ඉල්ලගෙනම නෑවෙ... !

අත පය හතරයි ඔය මොට්ට මොලෙයි තියාගෙන පැත්තකට වෙලා ඉන්න බැරි එකට හොදම වැඩේ.. යසයි යසයි..!

"ඒයි.. කොහෙද යන්නෙ ඔහොම ඉන්නවා..."

හොර පූස් තඩියෙක් වගේ මාව බෙල්ල මුලින්ම හිර කරලා තොත්ත බබා පාට් එකෙන් මාරු වෙලා ඇග බේර ගන්න හදපු හෝප්ගෙ කොලර් එකෙන්ම අදින ගමන් මන් ඇහුවෙ නම් හෝප්ට විතරක් ඇහෙන ගානට..

"යා.. ගත්ත නම් බිල ගෙවල එනවාහ්..."

කොලර් එකත් ගසලා දාලා මටත් පුප්පගෙනම හෝප් එතනින් යන්න ගියේ මාව අන්ත අසරණ කරලා.. යන්තම් ඉතුරු වස්තර ටිකත් ලෙප්ට් වෙන්න කලින් කාඩ් එකේ තිබුණු අන්තිම වොන් එක දක්වා කවුන්ටරේට පූජ කරලා හෝප් පස්සෙ පන කඩාගෙන දුවගෙන ආවෙ මගේම ඔලමොට්ටලකමටයි ඒ බහුබූත අයිඩියා එකටයි මටම බැන බැන.. තවත් ඒ තැන නැවතිලා හෝප් ඉස්සරහ ඇදගෙන නාන්න තියෙන ඉඩකඩ වැඩියි කියල තේරුම් ගිය නිසා හොප්ට පුලුවන් තරම් ඉක්මනින් මේකත් අමතක වෙන්න කියල මන් දෙතුන් වතාවක්ම දන්න හැම දෙයියක්ගෙන්ම ඉල්ලන්නත් අමතක කලේ නැ..

හෝප්ගෙ කාඩ් එකට විදින්න ආපු මට අන්තිමට උණු වින්නැහියක්..

යසයි යසයි...!!

'වෙච්ච දේට මක් කොරන්නද...?'

දේශ් නිතර දෙවේලේ මන්තරේ වගේ මතුරන ඒකාගෙ උදාන වාක්‍ය කියලදාලා මාත් හැටට හැටේ පාගගෙන විදගෙන හෝප්ගෙ ඩක්කුව පැත්තට ආවෙ මන් ගත්තු අඩුම කුඩුම කැලි ටිකත් කර ගහගෙන..

"හනේව්.. සනෝ.. දැන් ඉතින් තමුසෙට මේවා ලස්සනට බිත්තියෙ ගහන් තමයි ඉන්න වෙන්නෙ... හනේව්..  වනේ වන හතුරෙකුටවත් මෙහෙම බකට් නම් වැටෙන්න එපා දෙයියනේ..."

Ten minutes || JHope  (COMPLETED)Where stories live. Discover now