උදේ පාන්දරම මන් නැගිට්ටෙ මව් යානාවගේ මිනි කින්කිණි වොයිස් එකට.. ඇත්ත වශයෙන්ම කිව්වොත් එන්න එන්නම ටෝන් එක වැඩි උණු ඒ කින්කිණි නාදෙ නිසා මගේ කන් බෙරත් එක කීන් ගාලා යන්න දෙදරලා ගිය නිසා අකමැත්තෙන් උනත් මට නැගිටින්න සිද්ද උනා..
"පස්සට ඉර පායලත් මේ ලමයා නම් නැගිට්න්නැ... සනා..නැගිටිනවා.. කොලේජ් යන්නෙ නැද්ද අද... අන්න අර දරුවත් ඇවිත් ඉන්නවා...."
මව් යනාව සුපුරුදු තැටිය ප්ලේ වෙන්න දාලා තිබ්බ නිසා මන් මෙච්චර වෙලා බල බල ඉදපු හීන දෙක තුනටත් බූට් එක තියලා ඇදෙන් වාඩි උනේ ලොකූම ලොකු ඈනුමකුත් අරින ගමන්..
"ගෑනු ළමයෙක් හැදෙන විදිහද මේ... ? ආ.... කිසි හැදියාවක් නෑ..."
කොටියා මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නැ.. ආහ් වැරදුනා.. ඒක මොකද මේ.. මේ... ආහ් හරි කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නැ කියල කතාවක් තියෙනවනෙ.. හරියටම කිව්වොත් ඔය මව් යානාවටත් වෙලා තියෙන්නෙ ආන්න ඒක..
ජය මංගලම් සුභ මංගලම් කියල මගේ අහින්සක අප්පත් මායම් දාලා කරකාර බැදගෙම කොරියාවට ආවත් මව් යානාවගෙ සිරි ලංකා පුරුදු නම් තාමත් වෙනසක් නැතුව තිබුණු නිසා හැමදාමත් මේ බිත්ති හතර ඇතුලෙ මන් අසාදාරණයට ලක් උනා.. කොහෙද ඉතින් ඕවට කතා කරන්න ගිහින් රාජ උදහසට ලක් වෙන්න බැරි නිසාම හැමදාමත් මන් කලේ මහ අධිකරණයේ ඒ තීන්දු තීරණ වලට මූකලන් බස්සෙක් වගේ හූම් හූම් කියපු එක...
"සනායා... ආයෙ මන් කියන්නැ.. උදේ පාන්දර කොසු පාරක් කාලම කොලේජ් යන්න ඕන වෙලා ද...?"
අහින්සක සුකුමාල මලක් වගේ සුපිපිලා කබ කඩ කඩ නිදි මරගාතේ බෙංගාල බොක්කටත් ඇටෑක් එකට වගේ ඈනුම් යව යව ඉදපු මගේ අහින්සක කන් දෙක ඇතුලෙ තිබ්බ කර්ණ අථිකා ටිකත් කන්පියුස් උන්ගා බුන්ගා බවට පත් කරමින් මව් යානාව අති උච්ච ස්වරයෙන් ගායනා කරනකොට මන් කලේ පන කඩාගෙනම වොෂ් රූම් එකට ගිහින් දොර වහ ගත්තු එක.. ඇත්ත වශයෙන්ම ඇත්ත වශයෙන්ම කිව්වොත් තව මිලි තත්පර එක් ලක්ෂ අසූ දාහකට විතර පස්සෙ මව් යානවගේ අරුම පුදුම කොසු රාජයත් හට්ටි මුට්ටි ටිකත් ගුවන් ගත වෙලා හරියම මගේ වාස භවන ඇතුලටම ලෑන්ඩ් කරනව කියල මේ සනා අත්දැකීමෙන්ම දැනගෙන උන්නා... ඒ නිසාම කොච්චර අකමැති උනත් මට කොලේජ් යන්නම සිද්ද වෙලා තිබුණා..
YOU ARE READING
Ten minutes || JHope (COMPLETED)
Fanfiction"මින්ත්තු දහයක් උනත් ගොඩක් ලොකු කාලයක්..." Fanfiction only ❤ 🚫 Don't copy 🚫