13

411 140 100
                                    


"අතන අතන.. ඒයි.. මේ පැත්තට හරවනවා.. ඔය  කොහෙද යන්නෙ..? රිවස් කරනවා.. හෝව්.. හෝව්... බේරේක් එක.. බේරේක් එක.."

"ආආආආ... තමුසෙ නම් මහ කරුමයක් සනා.. පූරුවෙ කරපු කරුම තමයි මේ මාත් ගෙවන්නෙ..  දැන් තමුසෙ හිතන්නෙ තමුසෙ බර නෑ කියලද..? තමුසෙ හිතන් ඉන්නෙ දැන් තමුසෙ පිහාට්ටක් වගේ කියලද...?

.
.
.
    කේක් ගෙඩිය වගේ කරේ එල්ලිලා ඉන්නව මදිවට මට අණ දෙන්නත් එනවා..."

"යා.. බකපණ්ඩිතයා නොවී මාව අරගෙන යනවා... හැපූ... කට නම් තියේ මහවිල් ආරු සොරොව්ව වගෙ.. හැබැයි වැඩ නම් නෑ.. තමුසෙ ඔය අලිමස් කාලා හදා ගත්තු මසල්ස් වලින් හරියට වැඩක් ගන්නොකො හලෝ නිකන් තියෙන එකේ..."

"නෑ... මන් මේ නිකමට අහන්නෙ උබ දැන් ඔය කිව්ව තැන ගැන දන්නවද...?"

"මොන තැන ද...?"

"මහවිල් ආරු සොරොව්ව ගැන..."

"හා.. හා බොට ඒ පැහිච්චකම් වලින් වැඩක් නැනෙ.. මාව අන්න අතනින් ගිහින් තියනවකො.."

"සනා.. වද දෙන්නෙ නැතුව බහිනවකො.. තමුසෙට හොදට ඇවිදින්න පුලුවන්නෙ.. තමුසෙට එදා බයට ජබර කලන්තෙ හැදුනට ඕක එච්චර ලොකු තුවාලයක් නෙවෙයි..

ආශ්... දැන් තමයි මට තේරෙන්නෙ තමුසෙව මගේ ඇඟේ ගහල හෝප් මාරු වෙලා ගියේ ඇයි කියල.. හනේ දෙයියනේ වනේ වන හතුරෙක්ටවත් මෙහෙම බොක්කක් නම් සෙට් වෙන්නෙපා...."

දේශ් ඔය කුණු කුණු ගාන්නෙ උදේ ඉදන් මන් දෙන වද තිස් දෙක ඉවස ගන්න බැරුව..

යසයි යසයි..!

"කුම්බලා ඩ්‍රයි ෆිෂ් කෑවා නම් විඳවපන් බලළෝ කිව්වලු.. මේ කන කටු දිරවයිද කියල නම් දෙයියොත් දන්නෙ නැතුව ඇති.."

ආයෙම පටන් ගත්තු දේශ්ගෙ අඩෝවැඩියාව නම් එක තත්පරයක්වත් නැවතුනේම නැති තරම්.. උදේ ඉදන්ම ඕකා ඔය කබල් රේඩියෝ එකක් වගේ තනියම කියවන්නෙ කොලේජ් එකෙන් ලැබුණු නිවාඩුව දවසෙත් මට සාත්තු කරන්න උණු නිසයි.. හැබැයි ඉතින් ඒ නසරානියත් මට සාත්තු කිරීමේ මුවාවෙන් අපෙ මව් යානාවගේ රාජ භෝජන ඔක්කොටම වග කිව්වෙ නම් කිසිම විළි ලජ්ජාවක් නැතුව.. අන්‍තිමේදි සාත්තු කරන්න ආපු එකා සාත්තු කරන එක කොහෙවත් තියලා හොදට සප්පායම් නම් උනා..

Ten minutes || JHope  (COMPLETED)Tempat cerita menjadi hidup. Temukan sekarang