ඇත්ත වශයෙන්ම කිව්වොත් මන් ඉන්නෙ මේ දුවන ගමන්.. එතකොට මන් දුවන හේතුව තමයි ඔය පස්සෙන් එන්නෙ.."සනා.. සනා.. යා... ඔහොම නවතිනවා.. මට කතා කරන්න ඕන..."
ඔව්.. ඔයාලා හිතුවා හරි.. ඒ එයා.. මගේ ආදරණීය අවයව ජාවාරම්කාරයා... හෝප්...!!
"සනා.. ආශ්.. මේ කෙල්ල... ඉන්නව පොඩ්ඩක්.. තමුන්ට මොන පිස්සුවක්ද වැහිල තියෙන්නෙ..? මාව දැක්කත් හරි පන කඩන් දුවනවා.. යා.. යා.. ඔහොම නවතිනවා.."
හොප් අස්පයෙක් වගේ හූස් හූස් ගගා හති දාන ගමන් මුළු කොලේජ් එකටම ඇහෙන්න මේ කෑ ගන්නෙ දැන් පැයක වගේ විතර ඉදන්.. කියන්න සන්තෝසයි මිත්‍රවරුණි දැන් පැයක් විතර තිස්සෙ මමයි ඒ ටින් කටා උත්තමයයි දෙන්නා අල්ලන සෙල්ලන් කරන ගමන්.. (සිකේ කුප්ප හිත.. එහෙම එකක් නෙවෙයි කිව්වෙ...) එතකොට කොලේජ් එකේ අනිත් ඕපපාතිකයො සෙට් එකම ටොම් ඇන්ඩ් ජෙරී වගේ අපි දෙන්න කොලේජ් එක පුරා කරන මේ මල විකාරෙ ටිකට් නැතුවම රස කර කර ලැජ්ජාවක් නැතුවම බලනවා...
ඇත්තම කිව්වොත් එදා හොප් මගෙ බෙල්ල කාපු සීන් එකෙන් පස්සෙ සතියක් පුරාවට මන් කලේ හොප්වයි දේශ්වයි මැගෑරපු එක.. ඇත්ත වශයෙන්ම කිව්වොත් ඇත්ත වශයෙන්ම මන් කලේ හෝප් හරි දේශ් හරි දැක්කම ඔලුව හැරුණු හැරුණු අතේ පිස්සෙක් වගේ කකුල් දෙකටත් වැද වැද දුවපු එක...
සමහර වෙලාවට මන්....,
ඔලුව වමට හැරුනොත් මන් වමට දුවනවා...
ඔලුව දකුණට හැරුනොත් මන් දකුණට දුවනවා...
ඔය අතරෙ සිග් සැග් විදිහටත් දුවපු අවස්ථා නැතුවම නෙවෙයි ඉතින්.. ඒකට සම්පූර්ණයෙම වග කියන්න ඕන ඉතින් ඕන එකටයි එපා එකටයි ඔක්කොටම වැනෙන මේ ඔලු කට්ට තමයි..
මන් අහන්නෙ මන් අහන්නෙ මගේ මේ හද පත්ලෙන්ම බුර බුරා නැගුණු මොකක්ද එකේ නිල වශයෙන්ම බලය ලත් අයිතිකාරයා මගේම වකුගඩ්ඩට වැඩේ දෙන්න ප්ලෑන් කරනකොට... මගේම මොට්ටපාල යාලුවත් ඒ අවයව ජාවාරම්කාරයට උල්පන්දම් දෙන ඔෆීෂල් උල්පන්දකාරයා වෙනකොට මේ අසරණී දුවන්නෙ නැතුව වෙන මොනා නම් කරන්නද නේත...?
YOU ARE READING
Ten minutes || JHope (COMPLETED)
Fanfiction"මින්ත්තු දහයක් උනත් ගොඩක් ලොකු කාලයක්..." Fanfiction only ❤ 🚫 Don't copy 🚫