16

449 147 156
                                    


දවස් ගෙවෙන්නෙ හරි කරදරකාර විදිහට.. මන් හිටියෙ මගේ රූම් එකෙන් ඈතට පේන දර්ශනේ දිහා බලාගෙන.. එලියෙන් පේන දේවල් මෙලෝ රහක් නැති උනත් මන් ගොනෙක් වගේ එලිය දිහා බලාගෙන හිටියා...

ඔය අතරෙ මව් යානාව කලබලෙන් වගේ රූම් එක පැත්තට සම්ප්‍රාප්ත වෙන හැටි මන් දැන ගත්තෙ එයාගෙ අඩි සද්දෙන්..

ආහ් .. පොඩ්ඩක් ඉන්න.. දැන් ඔයා බලන්නෙ මන් අඩි සද්දෙන් කොහොමද එයාව අදුර ගත්තෙ කියල ද...?

'දන්නවද රහසක්.. අපි ආදරය කරන අයගෙ අඩි සද්දෙට පවා අපි සංවේදියි...'

මව් යානාවගේ කලබලේ මොකක්ද කියල හරියට දන්නෙ නැති උනත් මන් තනියම හිනා වෙන ගමන් ඔහේ බලන් හිටියෙ කිසිම අරමුණක් නැතුව..

"ආහ්.. සනා කෝ එන්න ඉක්මන් කරන්න.."

මව් යානාව කලබලෙන් මගේ අතින් අදින්න ගත්තෙ මාව කොහේ හරි එක්කන් යන්න වගේ..

"කොහෙද අපි යන්නෙ...?"

හොල්මන්ද පොල් කොල වර්ෂන් එකෙන් මන් මව් යානාව දිහා බලන් හිටියෙ වෙලාවකට හෙණ ගහන්න වගෙ එයාගෙ වෙන වෙනස්කම් දරා ගන්න බැරුව..

හනෙ මගෙ අහින්සක පිය පාර්ශවය කොහොම මේවා දරා ගන්නවද මන්දා...

"අපි කොහෙ හරි යනවද..?"

මන් ආයෙම පාරක් ඇහුවෙ මව් යානාව කලබලෙන් වගේ මගෙ අවුල් උණු කොන්ඩෙ අතින් හදන දිහා හොල්මනක් දැක්ක වගෙ බලන් ඉදල ඉදලා බැරිම තැන...

"එන්ගේජ්මන්ට් එකට..."

"ආහ්... හරි ඒත් කාගෙද...?"

කලින් කිව්වෙවත් නැති එන්ගේජ්මන්ට් එකක් එකපාර කඩන් පාත් උනේ කොහෙන්ද කියල හිතන ගමන් මන් එහෙම ඇහුවා...

"ඔයාගෙ..."

"ආහ්.. හා... හෑ... මොකක්...?"

මන් මන්දමානසිකයෙක් වගේ මව් යානාව දිහා බලන් කල්පනා කලේ මේ උණු විලම්භීත වැඩේ මොකක්ද කියලා...

මන් කියන්නෙ.. මන් කියන්නෙ මට පොඩ්ඩක් විතර නට් ලූස් තමයි.. ඒත් එහෙමයි කියල මව් යානාවගෙත් වයර් ශොට් වෙන්න තරම් දෙයක් උනේ කෝමද කියල මට තාමත් හිතා ගන්න බෑ..

Ten minutes || JHope  (COMPLETED)Where stories live. Discover now