හම්බෙලා ටික කාලයක් වුණත් දැන් මේ හත් දෙනාටම එකිනෙකා නැතුව ඉන්න බැරි තරම් ලං වෙලා
යුන්ගිගෙ නින්ද කඩලා සාලෙ වටෙ දුවන පොඩි තුන.....
කුස්සියේ තියෙන බඩු කඩලා ජින්ගෙ හැන්දෙන් ගුටි කන නම්ජුන්.....
ගෙ පිස්සං කොටුව කරලා නටනකොට යකා නගින හොබී.....
ජින්ගෙ උදෙට ඇහෙන කන කීං වෙලා යන ඒ සුන්දර වචන මාලාව....
ටෙකුක් දෙන්නගේ ආදරණීය අවස්ථා.....
හොබීගෙ ලස්සන හිනාව...දවස් පහට යුන්ගිගෙ ගෙ තනිකරම කන පිට පෙරලන්න අනිත් හය දෙනාට පුළුවන් වුණා
දැන් ඉතින් යුන්ගිට කියලා තියෙන්නේ එයාගේ කාමරේ විතරයි
ඒත් ඒකත් සැරින් සැරේට අනිත් පස් දෙනා ආක්‍රමණය කරන්නෙ නොසිතූ විරූ අයුරින්...
මක් කොරන්න ද කුම්බලා මාළු කෑවනං විදවපන් බළලො වගේ සීන් එකක් තමා යුන්ගියට දැන් තියෙන්නේ...🥴හැමෝම සතුටින් කාලය ගත කරද්දී ජන්කුක් , ටෙ , ජිමින් , හොබී හතර දෙනා ඊළග අවුරුද්දේ ෆයිනල් එක්සෑම් ගන්න තීරණය කරන්නේ ඉක්මනටම ෆ්‍රී වෙන්න තිබ්බ වුවමනාවට...
ඒත් ටෙකුක් දෙන්න එහෙම කලේ එයාලගේ අප්පලාගෙ companies ඒ දෙන්නට බාර දෙන්න හදන නිසා
කම්පැනි වැඩයි කොලෙජ් වැඩයි එකට කරන්න අමාරු හින්දා ඉක්මනටම exam ගන්න හිතුවා
අනිත් දෙන්නා ඉතින් මේ දෙන්න නැතුව ඉන්න බැරි කමට exam කලින් ගන්න තීරණෙ කලා....ඔහොම කාලෙ ගත වෙද්දී ජූලියා ගැන කිසිම ආරංචියක් නැතුව යනවා
යුන්ගිගෙ අයට පවා එයා ගැන කිසිම දෙයක් හොයා ගන්න බැරි වුණා
හැමෝම හිතුවේ එයා තාම හිරෙ කියලා
ඒත් යුන්ගි හැම වෙලේම ඇහැ ගහගෙන හිටියෙ යුන්ෂික් කියන්නේ සර්පයා වගේ නිසා....අනික කුණාටුවක් එන්න කලින් පරිසරය ගොඩක් නිහඩයි
ඒ නිහඬ බව කවදාවත්ම හොද දෙයක් නොවන බව යුන්ගි වගේම අනික් අයටත් නොතෙරුනාම නෙමෙයි....අදත් ඒ වගේ ලස්සන දවසක්.....
ටෙකුක් ඩබලයි මින්හොප් ඩබලයි college ගිහින්...
ජින් company එකෙ
නම්ජූන් research එකකට එයාගේ පරණ යාළුවෙක්ගෙ ගෙදර ගිහින්
යුන්ගියා ඉතින් college නොගිහින් ගෙදරට වෙලා යුන්ෂික්ගෙ ගෑන්ග් එකෙ විස්තර බලනව. ....
YOU ARE READING
Dream Of The Destiny
FanfictionHi guys ☺️ This is my first fanfiction 🤗 I hope you guys enjoy my work😉 Sorry for the mistakes🥺 Purple you 💜 ‼️ Attention ‼️ 💧 මෙය හුදෙක් ම fanfiction එකක් බව සලකන්න. 💧 මෙහි එන සියලුම දේ මගේ හිතේ ඇදුණු මනඃකල්පිත කතාවකි. 💧 මෙහි සදහන් නම් අයත්...