ජංකුක් නිදාගෙන නැගිටිනකොට ලීසා එයාගෙ ගමන් මලු සූදානම් කරනවා..."
"වෙලාව කීයද?"ජංකුක් එහෙම අහන ගමන්ම ආපහු කොට්ටෙ මුන ඔබා ගත්තෙ අර උදේ පාන්දර අපිට දැනෙන කම්මැලිකම එහෙමම කුකිටත් දැනුන නිසා..."දැන් වෙලාව 8යිම්.මන් තව විනාඩි 5කින් ඔයාට ඇහැරවන්න හිටියේ"ජංකුක් දිහා ආදරනීය හිනාවකින් බලන ගමන් ජංකුක් ලගින් වාඩි උන ලිසා කිවුවෙ ජංකුක්ගෙ ඔලුව අත ගාන ගමන්...
"ම්ම්ම්..මන් ඉක්මනට ලෑස්ති වෙලා යන්න ඕන...ජීසෝ නුනා ඔයාව ගන්න එනවා කිවුවෙ කීයටද?"ජංකුක් එයාගෙ ඇස් පිහදාන ගමන් ඇහුවා..
"එයා තව විනාඩි 20කින් විතර ඒවි"ලීසා ජංකුක්ගෙ කම්මුල පොඩි කිස් එකක් දීලා කියනකොට ලීසට හිනා උන ජංකුක් නැගිටලා බාතෲම් එකට ගියා...
ජංකුක් ලෑස්ති වෙලා එලියට එනකොට ජංකුක් දැක්කා ජීසො වාඩි වෙලා ඉන්නවා දැක්කා...
"හායි නූනා"කියාගෙන ජීසො ලගට ගිය ජංකුක් ජීසොව හග් කරා"හායි ස්වීටී...ජිමිනිට කියන්න අපිත් එයාට විශ් කරා කියලා..අපි මැසේජ් එකක් දෑවා ඒත් එයාට කියන්න හොදද"ජිසෝ උනුසුම් ලෙස හිනා වෙන ගමන් ජංකුක්ට කිවිවම ජංකුක් හා කියලා හිනා වෙලා බිම බලාගත්තෙ එයාගෙ වැරැද්දක් හංගන්න වගේ...
මොකද මේ වෙනකොටත් ජිමින්ට විශ් නොකරපු එකම
කෙනා ජංකුක් විතරයි...ඒත් එක ජීසෝ දන්නෙ නෑනේ....ලීසා ඉක්මනට එයාගෙ බෑග් එක අරන් ඇවිත් ජංකුක්ට කෙටි හාදුවකුත් දීලා ජීසො එක්ක යන්න පිටත් උනා....ජංකුක් ලොකු හුස්මක් පිට කරලා මීට සතියකට කලින් ටේ එක්ක ගිහින් ජිමින් වෙනුවෙන් ගත්ත තෑග්ගත් අරන් ඩ්රෝම් එකට යන්න පිටත් උනා....ඩ්රෝම් එකේ දොර ඉස්සරහ ඉදන් ජංකුක් ලොකු හුස්මක් ගත්තා...ජංකුක්ට දැනුනේ මේ දේ කරන්න ගොඩක් අමාරුයි වගේ...එයා විතරයි මේ වෙනකන් ජිමින්ට විශ් නොකරපු එකම කෙනා...ඒ වගෙම වෙනදාට එයාම තමා ජිමින්ට මුලින්ම විශ් කරන්නෙත්....ඒත් මෙ පාර උන දේ එක්ක ජංකුක්ට දැනුනෙ අනිත් හැමෝටම මූන දෙන්න ටිකක් අමාරුයි වගේ...ජංකුක් හිටියෙ නර්වස් වෙලා....
වෙවුලන අතින් දොරේ බෙල් එක ගැහුවම ජින් ඇවිත් දොර ඇරලා ජංකුක්ව ඇතුලට පිලිගත්තා...