අන්තිමට ජිමින් එයාගෙ කාමරේ තනි උනේ ඉදිකට්ටක් වැටුනත් ඇහෙන තරමෙ ලොකු නිශ්ශබ්දතාවයක් එක්ක.මේ උන දේවල් නිසා ජිමින්ට දැනුනෙ හැමදේම නැති වෙච්ච හිස් බවක්.ජිමින්ට ඕන උනේ ජංකුක්ගෙ පස්සෙන් ගිහින් එයාව නතර කරගන්න.කවුරුත් හිටියත් ඒ හැමෝවම අමතක කරලා ඒ අත් අතරට තුරුල් වෙලා සැනසෙන්න.
ඒත් ජිමින්ට ඒක කරන්න තරම් ශක්තියක් තිබ්බෙ නෑ.ජංකුක් ලීසා එක්ක පිට වෙලා යනවා ඇහුන නිසා ජිමින් ඉක්මනින් ඇදෙන් පැනලා දොර ලගට ගියේ ජංකුක් ඇත්තටම යනවද බලන්න..ඒ ගිය ජිමින් දැක්කෙ ලීසා ජංකුක්ගෙ අත් අතරෙ ඉදගෙන අනිත් අයට සමුදෙන හැටි.ජංකුක්ගෙ අත තිබ්බෙ ලීසාගෙ ඉන වටේ.ඇත්තටම ඒ දෙන්නා ගොඩක් ගැලපෙන ලස්සන කපල් එකක්.ඒත් ජිමින්ට ඒක දැක්කම ඇති උනෙ පිලිකුලක්.
"ජංකුක්"ජංකුක්ට කතා කරන ගමන් ජිමින් ලිවින්ග් රූම් එකට දුවගෙන ගියේ හැමෝම එයාගෙ දිහා බලද්දි.ඒත් මේ වෙලාවෙ ජිමින්ට එ කිසි කෙනෙක්ව වැදගත් උනේ නෑ.
ජිමින්ට ජංකුක් ඉස්සරහට ගියාම දැනුනෙ වෙලාව නතර උනා වගෙ.ඒ වගේම එයාලා අවට කිසිම කෙනෙක් නෑ කියලයි එයාලට හිතුනෙ.
ජිමින්ට හිතුනෙ දුවගෙන ගිහින් ජංකුක්ගෙ අත් අතරට පැනලා එයාව තදින් කිස් කරන්න.ජංකුක්ව අල්ලගෙන ජංකුක් එක්කම ඉන්න.ඒත් ජංකුක් ඒ දේට අවස්තා ගානක් ජිමින්ට දුන්නත් එ හැමවෙලාවකම එයා ජංකුක්ව රිද්දපු නිසා මේ කිසිම දෙයක් කරන්න ශක්තියක් ජිමින්ට තිබ්බෙ නෑ.දැන් ජංකුක්ට ඕන ලිසා එක්ක ඉන්න නම් ජංකුක්ගෙ තෙරිම ලීසා නම් ජිමින් ජංකුක්ගෙ තෙරීමට ඉඩ දෙන්න ඕන.
ඒ වගේම අනිත් පැත්තෙන් ජංකුක්ගෙ හදවත ප්‍රාර්තනා කරේ
"දැන්වත් මාව නතර කරව ගන්න ජිමිනි,අපි හැමදෙම විසද ගමු.මට නතර වෙන්න කියන්න,මට නතර වෙන්න ඕන ප්ලීස් මාව නතර කරව ගන්න.මේක අවසාන අවස්තාව වෙන්න පුලුවන්.මේක නැති කරගන්න එපා මට නතර වෙන්න කියන්න ජිමිනී"කියලයිඒත් ජිමින්
"මන් වෙනුවෙන් ආවට ස්තූතී ජංකුක්"ජංකුක්ට එහෙම හිනා වෙලා කියලා ගිහින් ඇස් වහගෙන ටේමින්ව තදින් බදාගත්තෙ ජංකුක්ගෙ ඇස් ඉස්සරහමයි.