ජංකුක් හිටියෙ ලීසා එක්ක එයාලගෙ කාර් එකේ බොනට් එක උඩ වාඩි වෙලා අයිස් ක්‍රිම් කන ගමන් රෑ කලුවරට ලස්සනට පේන මූද දිහා බලාගෙන.
"අද දවස ලස්සනයි"ජංකුක් කිව්වෙ ලොකු හුස්මක් ගන්න ගමන්.
"ඔව්.ඇත්තටම ගොඩක් ලස්ස්නයි"ලීසා කිව්වෙ හිනා වෙලා ජංකුක්ගෙ අතින් අල්ල ගන්න ගමන්
"මේක හරියන් නෑ නේද?"ලීසා කිව්වෙ ඇස් වලින් කදුලු වැටෙද්දි ලීසා එහෙම අහනවත් එක්කම ජංකුක් එයාගෙ ඇස් පියාගෙන ලොකු හුස්මක් අරන් ලීසා දිහා බලද්දි එයාලගෙ ඇස් එකිනෙක ගැටුනා.එ දෙන්නටම ඒ ප්‍රශ්නෙට උත්තරයක් තිබුනත් එයාලා දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ඒ උත්තරේ හයියෙන් කියන්න ඕන උනේ නෑ.
ඒත් ලීසාට අනිවාරෙන් ඒ ප්‍රශ්නෙට උත්තරයක් ජංකුක්ගෙන් ඕන උනත් ජංකුක් මුනිවත රැක්කෙ තව පැයගානකින් එයාලගෙ ඉදිරිපත් කිරීම් කරන්න තියෙන නිසා."ලීසා"ජංකුක් අත් දෙකින්ම ලීසාගෙ මූනෙන් අල්ලගෙන කතා කරන්න පටන් ගනිද්දි ලීසා ජංකුක්ගෙ තොල් වලින් පොඩි හාදුවක් තියලා ඈත් උනේ එයා තවමත් ඇත්තටම ජංකුක්ට ආදරේ නිසා.ඒත් ඒක දුන්නට පස්සෙ ලීසා බිම බලාගත්තෙ ලැජ්ජාවෙන්.එත් එක්කම ජංකුක් ලීසාව තදින් බදා ගත්තෙ එයාට කියන්න ඕන උනා මේ සම්බන්දෙ තව දුරටත් ඉස්සරහට අරන් යන එක තේරුමක් නෑ කියලා.
"මමත් හිතන්නෙ"ජංකුක් කිව්වෙ එයාගෙ ඇස් වලින් කදුලු වැටෙද්දි ලිසා ජංකුක්ට තුරුල් වෙලා අඩන්න පටන් ගත්තා
"මටත් හිතෙනවා"ලීසාත් අනිත් පැත්ටට ජංකුක්ව ගොඩක් තදින් බදා ගත්තෙ ජංකුක්ව අතාරින්න බෑ කියල කියන්න වගේ.එයාලා දෙන්නම එයාලගෙ මනස මේ දේ වෙනුවෙන් හදා ගන්න ඕන
-------------------------ජංකුක්ගෙ ලගිනාව ජිමින් කේන්තියෙන් ඇවිත් ටේමින්ගෙ කාර් එකට නැගලා දොර හයියෙන් වැහුවෙ එයාගෙ හිතේ තියෙන කේන්තියටත් එක්ක
"හැමදේම හොදින්ද?"බෝයිෆ්‍රෙන්ඩ්ගෙ උනත් පවුද්ගලික දෙයක් අහන එක හොද නෑ කියල දැනගෙනත් ටේමින් ඇහුවෙ ජිමින් අවුලෙන් ඉන්නවා වගේ දැනුන නිසා."ඔව් මන් හොදින් අපි යන්"ජිමින් ඉක්මනට කිව්වෙ එයාට ඉක්මනට මෙතනින් පිටවෙන්න ඕන නිසා.
"හරි"එහෙම කියපු ටෙමින් කාර් එක අරන් එලියට එද්දි එයා දැක්කා ගේට් එක ලග ඉන්න ටේමින්ව.