ලීසා එයාලා ප්‍රැක්ටිස් කරන තැනට ඇතුල් උනා...එයා මේ වෙනකොට රෝස්ට ඕනවටත් වඩා වයිර කරනවා...ලීසා රෝස් දිහා රවලා බලලා ආපහු ඇස් දෙක කරකවලා අහක බලා ගනිද්දි රෝස්ට ගොඩක් දුක හිතුනා...මොකද්ද රෝස් කරපු වැරැද්ද?
ලීසාට හිතා ගන්නවත් බෑ රෝස් මේ වගෙ දේවල් කරන්නෙ ඇයි කියලා...එයාලා හොදම යාලුවෝ.එහෙම එකේ එයා තමන්ගෙ හොදම යාලුවගෙ bf එක්ක අනියම් සම්බන්දතාවයක් පටන් ගනීවිද?ඒ දෙන්නව එකතු කරන්න වැඩියෙන්ම මහන්සි උනෙත් රෝස්නේ...ඉතින් එයා එහෙම දෙයක් කරාවිද?
එතකොට ජංකුක්? එයා ඇයි මෙහෙම කරන්නෙ?එයාලා ගොඩක් සතුටින් හිටියනේ..ජංකුක් හැම වෙලාවෙම ලීසාට ගොඩක් ආදරෙ කරා...ජංකුක් හැම වෙලාවෙම ලීසාට දැනෙන්න දුන්නෙ එයා තමයි ජංකුක්ට මේ ලෝකෙ ඉන්න විශේශ වගේම ලස්සනම කෙනා,එයාට ලීසා නැතුව ඉන්න බෑ කියලයි..ඉතින් එහෙම එකේ ඇයි දැන් ජංකුක් මෙහෙම් හැසිරෙන්නෙ?ඒත් සමහරවිට ජංකුක් බලාපොරොත්තු උන කෙනා ලීසා නොවෙන්න පුලුවන්..එහෙම හිතෙද්දිත් ලීසාගෙ හිත ගොඩක් රිදෙන්න ගත්තා.. ලීසාට හිතා ගන්න පුලුවන් ජංකුක්ට රෝස්ව ඕන වෙන්නෙ ඇයි කියලා...රෝස් ඇත්තටම පරිපූර්ණ කාන්තාවක්...රෝස් දවසින් දවස ජංකුක් වගේම සාර්තකත්වයේ පාරෙ යනවා..එ වගේම දවසින් දවස ලස්සන අතිනුත් වැඩි වෙනවා...ලිසාට මීට කලින් එයා ගැන අඩුතක්සේරුවක් නොදැනුනත් දැන් දැන් ලීසාට එ දේ තදින්ම දැනෙන්න පටන් අරන්...
සමහර වෙලාවට එයාට ජංකුක්ගෙ අවදානෙ ගන්න තව ලස්සන වෙන්න හිතුනා...ඒත් ඇත්තටම එයා මොනවද කරන්න ඕන?එයාට ඒ ගැන කිසිම අදහසක් තිබ්බෙ නෑ...ලීසා එයාගෙයි ජංකුක්ගෙයි සම්බන්දතාවය ආරක්ශා කර ගන්න ඕනම දෙයක් කර ගන්න ලෑස්ති උනත් කවදා හරි දවසක ජංකුක් එයාව දාලා ගියොත් ඒකට මූන දෙන විදිය ලීසා දැනන් හිටියෙ නෑ...
ලීසාගෙ හිත ජංකුක් තවම එයාට ආදරෙයි කියද්දි මනස වගේම මොලෙත් කිව්වෙ දැන් ජංකුක් එයාට ආදරේ කරන් නෑ කියන එක...
ජංකුක්ට වෙන මොනවා හරි දෙයක් ඕන..ඒත් ඒ මොකද්ද?
ලීසාගෙයි ජංකුක්ගෙයි ලිංගික ජීවිතය ගත්තොත් එක එච්චර හොද මට්ටමක තිබ්බෙ නෑ. ඒ දෙන්නා sex (සමාවෙන්න මට මෙතනට දාන්න වෙන වචනයක් හොයා ගන්න බැරි උනා) කරද්දි ඒක උපරිම හොදින් සිද්ද උනත් ලීසාට නිතරම හිතුනේ ජංකුක් එකෙන් තෘප්තිමත් උනෙ නැ කියලයි....ලිසා ජංකුක්ගෙ හැම අංශුවකටම ආදරේ කරද්දි ජංකුක් නිතරම ලීසාව අගය කරා..වර්නනා කරා...ඒත් ලගකදි ඉදන් ජංකුක් කිසිම වෙලාවක sex කරන්න පෙලබුනෙ නෑ...ලීසාගෙ උමනාවට කරත් ඒ හැම වෙලාවකම ජංකුක් හිටියෙ ටිකක් අපහසුවෙන් වගේ කියලයි ලීසාට හිතුනේ..