රෝස් ,ජෙනී ජිසෝ එයාලගෙ ඩ්‍රෝම් එකට ඇතුල් උනා...එයාලා අතරෙ හරිම නොසන්සුන් වගේම ඍනාත්මක ගතියකින් එයාලා අතරෙ පිරිල තිබ්බා...
"රෝස්"රෝස් කිසිම දෙයක් නොකියා එයාගෙ කාමරේට යන්න හදද්දි රෝස්ගෙ අතින් අල්ල ගත්ත ජෙනී කතා කරා..
"උන්නි"ආපහු හැරුන රෝස් ජෙනීව තදින් බදා ගත්තා...ජෙනී රෝස්ගෙ ඔලුව අත ගාද්දි රෝස් හයියෙන් අඩන්න පටන් ගත්තා..
"මට මෙහ්ව්ම සලකන්න මන් එයාට මොනවද කරේ උන්නි?"රෝස් ඇහුවෙ කදුලු අතරින්.
"ඔයා මොනවත් කරේ නෑ බබා..ලීසා කොහොමත් ටිකක් නපුරු-"ජෙනී කියන්න හැදුවත් එයාට එයාගෙ කතාව සම්පූර්න කරගන්න ලැබුනෙ නෑ..
"ඒක අසාධාරණයි...මන් කිසිම වැරැද්දක් කරේ නෑ..."රෝස් ජෙනීව තවත් බදා ගන්න ගමන් එයාගෙ බෙල්ල අස්සෙ මූන හංග ගත්තා...
"මන් දන්නවා... ..ඒත් එයා...ඒක" ජෙනී එතනදි හිර උනා වගේ උනා..
"මොකද්ද ප්‍රශ්නේ?"රෝස් කදුලු පිරුන එයාගෙ මූන ජෙනීගෙ බෙල්ල අස්සෙන් එලියට අරන් එයාගෙ සහෝදරියන් දිහා බැලුවෙ එයා නොදන්න දේ මොකද්ද කියල දැන ගන්න..
"මට කියන්න"රෝස් එයාගෙ කදුපු පිහදාන ගමන් අනිත් අයගෙන් ඉල්ලුවා...
"එයා හිතනවා...එයා හිතනවා.....ඔයයි ජංකුකුයි එකතු වෙලා එයාව රවට්ටනව කියලා"ජීසෝ මිමිනුවෙ ලැජ්ජාවෙන්..ජීසෝ ජෙනී කවදාවත් මෙහෙම තත්වයක් ඒවි කියල හිතුවෙ නෑ..
""මොකක්?එයාට පිස්සු හැදිලද?"රෝස් ලීසාගෙ වැරදි වැටහීම ගැන ඇහුවම කලබල උනා..රෝස්ට කවමදාවත් ලීසාට රිද්දන්න ඕනෙ උනේ නෑ..එයා ලීසාට ගොඩක් ආදරෙයි...ඒත් ලීසාගෙ හිතේ ජංකුක් ග්අන ආදරයක් තියෙනව කියල දැන ගත්තම ඒ දෙන්නව එකතු කරලා රෝස්ම ඒ දෙන්නගෙන් පැත්තකට උනා...
එහෙම කරපු එයා ගැන මේ විදියෙ දෙයක් ලීසා හිතුවෙවත් කෝමද?එයාලා අතරෙ තියෙන යාලුකම,සහොදරකම මේ තරම් දුර්වලයිද?රෝස් ජංකුක් එක්ක එකතු වෙලා එයාව රවට්ටනව කියල ලීසා හිතුවෙවත් කෝමද?
රෝස්ට මීට කලින් මේ වගෙ වේදනාවක් දැනිලම නෑ..
"මට තේරෙනවා බබා...මන් දන්නවා ඒක වැරදි වැටහීමක්..ඒ ගැන වද වෙන්න එපා..මන් හිතන්නෙ ජංකුක් මේ දවස් වල ටිකක් අමුතු විදියට හැසිරෙනවා..එකයි එයා එහෙම හිතන්න ඇත්තේ..."ජීසො දැනගෙන හිටියා මේ දේවල් වලින් වැඩිපුරම අසාධාරණයක් වෙන්නෙ රෝස්ට කියලා..