ඊලග දවසෙ උදේ ජංකුක් නැගිටිද්දි ලොකු මහන්සියක් එයාට දැනුනා...ජංකුක්ගෙ හිත ගොඩක් නොසන්සුන්...ඒ මදිවට ඔලුවක් නෑ කියල දැනෙන තරමට ඔලුව රිදෙනවා....ඇස් පිහදදා ඇදෙන් කෙලින් උන ජංකුක් දැක්කෙ එයාව බ්ලැන්කට් එකකින් කවුරු හරි වහලා තියෙන විදිය...
"ගුඩ් මෝනින් බබා....ඔයා හොදිද?"ලීසා ඇහුවෙ ජංකුක්ගෙ උකුල උඩින් වාඩි වෙන ගමන්..අද ලීස වෙනදටත් වඩා ලස්සනයි.ඒ එයාගෙ නිල්පාට කොන්ඩෙ එක වගේම එයා ඇදල ඉන්න ජංකුක්ගෙ ලොකු සුදු ටී ශර්ට් එක නිසා..
"නැ මන් හොදින් නෙමෙයි"ජංකුක් එයාගෙ ඔලුව ලීසාගෙ බෙල්ල අස්සෙ හංග ගත්තා....මේ වෙලාවෙ ජංකුක්ට තියෙන එකම සැනසීම ලීසා......ජංකුක් ලගම ඉන්න කෙනා ලීසානෙ ඉතින්..ඒ වගේම ජංකුක් දන්නවා ඒ වෙලාවෙ එයාගෙ හිතේ හැගීම් තේරුම් ගන්න පුලුවන් එකම,හොදම කෙනාත් ලිසා කියලා...
"ප්‍රශ්නෙ මොකද්ද කියන්නකො බබා"ලීසා අහද්දි ජංකුක් එයාගෙ කම්මුලට තට්ටුවක් දාලා කොන්ඩෙ එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තා
"මට මහන්සී...මගෙ ඔලුව රිදෙනවා"ජංකුක්ට තවම එයාගෙ ඇස් හරියට ඇර ගන්න බෑ...ඒත් ලීසා එයාගෙ උකුල උඩින් නැගිටලා යනවා කියලා නම් ජංකුක්ට දැනුනා...ජංකුක් එයාගෙ ඇස් පිරිමදින්න ගත්තා..
"මෙන්න මේක අරන් බොන්න"ලීසා ආපහු ආවේ බෙහෙත් පෙති දෙකකුයි වතුර වීදුරුවකුයි අරගෙන...
"තැන්ක්‍යූ"හිනා වෙලා ජංකුක් වතුර වීදුරුව අරන් බේත් පෙති දෙකත් අරන් බිව්වා...පැයකින් විතර යද්දි ඒ බේත් වලින් එයාගෙ ඇගේ අමාරු සේරම හොද වෙලා ගියත් ජංකුක්ගෙ හිතේ තියෙන වේදනාව අඩු කරන්න නම් ඒ බේත් පෙති වලට බැරි උනා කියල දැනන් හිටියෙ ජංකුක් විතරමයි..
ජංකුක් හැමදේම වරද්දගෙන කියලා එයා දැනටමත් දන්නවා.ඒත් ඒ වෙනුවට මොනව කරන්නද?ජංකුක් අමාරුකම් සේරම අමතක කරලා නැගිටලා යන්න ලෑස්ති උනා...මේ වෙනකොටත් ජංකුක්ගෙ මනස සම්පූර්ණයෙන්ම විකාර සිතුවිලි වලින් පිරිලා තිබ්බෙ...
"බේබි උදෙ කෑම කන්න එන්නේ නැද්ද ඔයා?"ලීසා කතා කරද්දිත් ජංකුක් යන්න ලැස්ති උනා...
"මට බඩගිනි නෑ මන් ගිහින් දවල්‍ට කන්නම්..යන්නම් ලීසා"ලීසා මොනවත් කියන්න කලින් ලීසාට කියුට් විදියට අත වනලා කියලා ජංකුක් එතනින් යන්න ගියා....