ලීසාට ඇහැරුනේ ජංකුක්ගෙ පෝන් එක රින්ග් වෙන සද්දෙට..ජංකුක්ගෙ පෝන් එක ඒ වෙනකොටත් තිබ්බෙ එයාගෙ සාක්කුවෙමයි...ලීසා ජංකුක්ගෙ පොකට් එකෙන් පෝන් එක අරන් කෝල් එක ආන්සර් කරා
"මොන හු-"
""අම් ගුඩ් මෝනින් ඔප්පා"ලීස්සා හිනා වෙවී කතා කරේ නම්ජුන් කියන්න හදපු වචනෙ දන්න නිසා..
"ඔහ් හායි ලීසා..."නම්ජුන් කතා කරන කටහඩෙන්ම ලීසට තේරුනා මේ වෙනකොට නම්ජුන් ඉන්නෙ ලැජ්ජාවෙ කියලා..නම්ජුන්ගෙ ඒ කටහඩ ලීසාට හිනාවක් අරගෙන ආවා...එයාට නම්ජුන්ට ඇත්ත කියන්න බෑ..එ නිසා ලීසා නම්ජුන්ට බොරුවක් කිව්වා ඊයෙ රෑ රෑඋන නිසා ජංකුක්ට උන හැදිලා කියලා..නම්ජුන් කියන්නෙ තේරුම් ගැනීම් අතින් ඉස්සරහින්ම ඉන්න මනුස්සයෙක්.එයාට තරම් වෙන කෙනෙක්ව තේරුම් ගන්න කාටවත් බෑ..ඒ නිසා නම්ජුන් හරස් ප්රශ්න අහලා ලීසාව තවත් අපහසුතාවෙට පත් කරේ නෑ...එයාලා ජංකුක්ට කොච්චර ආදරේ කරවද කියල හිතෙනකොටත් ලීසාට හිනාවක් ගියා.එයාලා අතරෙ තියෙන ඒ බැදීම ගොඩක් ලස්සන එකක්...ඒත් ජංකුක්ව මේ තරම් කඩන් වැටෙන්න තරම් උන දේ එයාලවත් දන් නැත්තෙ ඇයි?
ලීසාට උදේ පාන්දර හිත කරදරෙන් පුරව ගන්න දුක් වෙන්න ඕන උනේ නෑ...ඉතින් එයා ලොකු හුස්මක් අරන් පිට කරලා ජංකුක්ගෙ මූන අතගාන්න පටන් ගත්තෙ ජංකුක්ව ඇහැරවන්න ඔන නිසා...ජංකුක් නින්දෙන්ම එයාගෙ ලොකු අතක් ලීසාගෙ ඉන වටා පටලව ගත්තෙ ලීසාට හීන් හිනාවක් යද්දි...ජංකුක්ගෙ මූන ලීසගෙ පපුවට හේත්තු වෙද්දි ජංකුක්ගෙ අත වගේම කකුලත් ලීසාගෙ ඇග වටේ ගිහින් ලීසාව ජංකුක්ට ගොඩක් තද උනා...
"ජංකුක්"ලීසා ජංකුක්ගෙ මුන හෙමිහිට අත ගාන ගමන් කතා කරද්දි ජංකුක් නින්දෙන්ම කෙදිරි ගැවා...
"ඔයා පරක්කුයි බබා...අපි දෙන්නම ප්රැක්ටිස් වලට යන්න පරක්කුයි..නැගිටින්න"
ලීසා ගොඩක් මෘදු විදියට කතා කරලා නින්දෙන්ම නැගිට්ට ජංකුක්ගෙ අවුල් උන කොන්ඩෙ හෙමිහිට අත ගාන්න ගත්තා..."කම්මැලියා නැගිටිනවා"ලිසා නිදිමතේ හිටපු ජංකුක්ගෙ පිටිපස්සෙන් කිති කවනකොට හිනා වෙවීම හැරිලා බලපු ජංකුක් වොශ් එකක් දාන්න යන්න නැගිට්ටා..