part 20

305 73 20
                                    

"හෝසොක් ඉන්න පොඩ්ඩක්"ටේ එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් පස්සෙ යන ගමන් කතා කරා...
"ඔයාට දැන ගන්න කියන්නෙ.මට මොනවත් ඇහුනෙ නෑ!මන් ආවේ ජිමින්ට රෑ කෑම අරගෙන.මට ඇහුනෙ ඔයා එයාට ජංකුක් එක්ක හිටපු එකට කෑ ගහනව විතරයි!"
හොබී කිව්වෙ සමච්චල් සහගත හිනාවක් ටේ දිහාවට දාන ගමන්...

"බබා.."ටේ කතා කරන්න උත්සහ කරා...

"ඔයා කොහොමද මේ දේවල් මගෙන් හැන්ගුවෙ?"හොබී අඩ අඩ ටේව ආපස්සට තල්ලු කරන ගමන් කෑ ගැහුවෙ ටේ එයාව බදා ගන්න ලගට ආව නිසා...

"මන් දන් නෑ මන් මොනව කියන්නද කියලා!මන් හිටපු තැනත් එක්ක මට ඔයා එක්ක ඒ ගැන කතා කරන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.."ටේ එයාව සාදාරනීකරනය කරන්න උත්සහ කරා..ටේ දන්නවා හොබීගෙ කේන්තිය පිටිපස්සෙ තියෙන හේතුව..ඒ ටේ එයාගෙන් මේ දෙවල් හංගල තිබ්බ නිසා නෙමෙයි,ඒ එයාලා අමාරුවෙන් හදා ගත්ත හැමදෙයක්ම,බැදීමක්ම කැඩෙන බිදෙන දිහා එයාට බලන් ඉන්න උන නිසයි.

"මේ නිසා තමයි එයා අමුතු විදියට හැසිරුනේ.ඒ වගේම ඔයා ඒ දේවල් දැනගෙන ඉදලා...ඔයා එයාව තනි කරලා එයාට තනියම දුක් විදින්න ඉඩ දීලා"හොබී කිව්වෙ එයාගෙ ඇද උඩ වාඩි වෙලා අඩන ගමන්

"හෝසොක්"ටේ හොබී ඉස්සරහා දන ගහ ගත්තා...

"එයා කොහොමද එහෙම කරේ?ඒ වගේම ඔයා කොහොමද මගෙන් මේ දේවල් හංගන් හිටියෙ?මට එයාට උදව් කරන්න පුලුවන්කමක් තිබ්බනෙ..ඒ වගෙම වැදගත් දේ ජංකුක්ට දැන් දුකක් දැනෙන් නැතුව ඇති"හොසොක් මේ වේදනාව දන්නවා..එයාත් එයාගෙයි ටේගෙයි පලවෙනි කිස් එකෙන් පස්සෙ මේ වගෙමයි දැනුනෙ...

හොබීට ටේට කලින් ගෑනු ළමයෙක් එක්ක ආදර සම්බන්දයක් තිබුනත්, ඒත් එතනදි හොබීට කිසිම වෙලාවක ගැහැනු ළමයි ගැන කිසිම හැගීමක් දැනිල තිබුනෙ නෑ...ඒත් ඒ දිහා බලද්දි දැනුනෙ එයා කෙනෙක්ට ආදරෙ කරන්න තරම් ලාමක වැඩි උනා කියලයි..

ටේට ආකර්ෂණය වෙනවත් එක්කම හොබීට තේරුනා එයාගෙ ජීවිතේ තියෙන අඩුව මොකද්ද කියලා...ඒත් හොබීට ඒ ගෑනු ළමයගෙන් වෙන් වෙන්න ඒක හේතුවක් උනේ නෑ..එයාලා වෙන් උනේ හොබී සෝල්.වලට ආව නිසා...ඒත් හොබී දන්නවා ඒ ගෑනු ළමයා එක්ක අවුරුදු 2ක් ජීවත් වුන එක කොයි තරම් බොරු වැඩක්ද කියලා...හොබීට ඒ ගෑනු ළමයා සිප ගන්නකොට වගේම ලිංගිකව එකතු වෙනකොට කිසිම හැගීමක් දැනුනෙ නෑ...ඒත් හොබී බය උනා එයාලගෙ සමාජෙ දාල පිරිමින් කෙරෙහි උනන්දු වීම කියන  සීමාව පන්නන්න...ඒත් ඇත්තටම හොබී අයිති උනේ පිරිමින්ට උනන්දුවක් දක්වන පිරිමින් කොටසට..ඒත් හොබී අයිති උනේ ගතානුගතික විදියට හිතන පව්ලකට,ඒත් තමන් ගැන තම පව්ලට කියද්දි තේරුම් කරද්දි එයාගෙ උදව්වට එයා ලග bts කියන අනිත් අය ඉන්න තරම් එයා වාසනාවන්ත උනා..

straight Where stories live. Discover now