එක පාරටම පිලිමයක් වගේ හිටි තැනම ගල් උන ජිමින් දිහා ටේමින් බලන්හිටියෙ පුදුමයෙන්.ජිමින්ගෙ ඇස් ගොඩක් ලොකු වෙලා වගෙම ජිමින්ගෙ හුස්ම ගැනීමත් නතර වෙලා වගෙයි ටේමින්ට පෙනුනෙ
"ජිම්--"
"ජංකුකා"ටේමින් ජිමින්ට කතා කරන්න හදනවත් එක්කම එක පාරටම ජිමින් ජංකුක්ගෙ නමත් කියාගෙන ජංකුක් එක්ක ගිය දිහාවට දුවන් ගියේ පිස්සුවෙන් වගේ..එක පාරටම ජංකුක් හිටපු රෝහල් කාමරේට කදුලු බේරුන ඇස් වලින් කඩාගෙන වැදුන ජිමින් දිහා අනිත් සාමාජිකයො බැලුවෙ පුදුම වෙලා.හැමෝම හිටියෙ ජංකුක් වටේට වාඩි වෙලා වගේම ජංකුක්ගෙ පපුවට වැදුන පාර නිසා ජංකුක්ගෙ ඩොක්ටර් කෝකටත් කියලා ජංකුක්ට ඔක්සිජන් මාස්ක් එකක් දාලයි තිබ්බෙ.
"එයා හොදින්ද?"
ජංකුක් ලගට ඉක්මනට ගියපු ජිමින් ජංකුක්ගෙ අතකින් අල්ල ගන්න ගමන් අනිත් අයගෙන් අහද්දි හොබී ලොකු හුස්මක් පිට කරා.හොබී දැන් හොදටම දන්නවා ජිමින් ජංකුක්ට ආදරෙයි.ඒත් ඇයි?ඒත් හොබීට තේරුම් ගන්න පුලුවන් ජිමින් ඉන්න තත්වය වගේම එයාගෙ මෝඩ තීරන නිසා ජිමින්ව අතාරින්න හොබීට ඕන උනේ නෑ.
"එයාගෙ ඉල ඇට කැඩිලද නැද්ද කියල හරියටම දැන ගන්න x-ray එකක් ගන්න ඕන"ජින් කිව්වෙ ජංකුක්ගෙ කකුල මසාජ් කරන ගමන්"එහෙම දෙයක් නෑ බය වෙන්න එපා"ඩොක්‍ටර් ජින්ගෙ කොන්දට පාරක් ගහන ගමන් කිව්වෙහැමෝම සනසවන්නත් එක්ක.
"ඉතින් කවුද එයාව x-ray එකක් ගන්න හොස්පිටල් එක්ක යන්නෙ?"ජිමින් ඇහුවෙ ජංකුක්ගෙ මූන දිහා බලාගෙන.ජ්ංකුක්ගෙ මූන සුදු මැලි වෙලා වගේම ජ්ංකුක්ගෙ මූනෙන් ලොකු වෙහෙසකර බවක් පේන්න තිබ්බා.
"ටේයි මායි යන්නෙ.ඔයාත් යන් අපි එක්ක"හොබී කිව්වෙ ජංකුක්ගෙ අනිත් අතින් අල්ල ගන්න ගමන් ජිමින් දිහා බලාගෙන.
"හ-හරි"ජිමින් කියද්දි එයාගෙ කට හඩ බිදුනා වගේම ඇස් වල කදුලු පිරිලා තියෙන හැටිහැමොම දැක්කා"හියුන්" ජංකුක් කෙදිරි ගෑවෙ ගොඩක් අමාරුවෙන් එයාගෙ ඇස් අරින ගමන්.
"ජංකුක්"ජිමින් හෙමින් එයාගෙ අත ජංකුක්ගෙ පපුව උඩින් තියල කතා කරනකොට ජංකුක් ජිමින්ගෙ අත එයාගෙ පපුව උඩින් අයින් කරා.ජිමින් ඒ උන දේට ගැස්සුනත් එයා හිටිය තැනින් අඩියක් පස්සට තිබ්බා