ලීසා ජීසො එක්ක එයාලගෙ ප්රැක්ටිස් රූම් එකට ඇතුල් වෙනකොට එයාලා දැක්කෙ ජෙනී රෝස් එක්ක එකට වාඩි වෙලා සැන්ඩ්විච් කන හැටි.
"ලලිසා"ලීසාව දැක්ක ජෙනි ලීසාට කතා කරන ගමන් හිනා වෙවී අත වැනුවෙ ලීසාත් අමාරුවෙන් හිනා වෙද්දි.
"අපි ඔයාලගෙ සැන්විච් ටික ඉතුරු කරා"ලගට ආව ලීසාට වගේම ජීසොටත් පෙන්නුවෙ එයාලා ඉතුරු කරල තිබුන සැන්විච් ටික.ලිසාට බැලුනෙ එයා එතනට ආවද කියලවත් ගනන් ගන් නැතුව පාඩුවෙ කෑම කන රෝස් දිහා.ලීසා ඇත්තටම මේ වෙනකොට හිටියෙ ප්රශ්න වලින් හෙම්බත් වෙලා මානසිකව වගේම ශාරිරිකවත් වෙහෙසට පත් වෙලා.ලීසා දන්නවා එයාගෙ මේ සම්බන්දෙ ලගදිම නතර වෙනවා කියලා.ඒත් එයාට ඒක නතර කරන්න කිසිම දෙයක් කරගන්න බැරුව එයා මේ දවස් ටිකේම හිටියෙ ගොඩක් පසුතැවිල්ලෙන්.ලීසාට තේරෙන් නෑ එයාට වැරදුනෙ කොතනද කියලා.
"ඔයා හොදින්ද?"ජෙනී ලාවට ලීසාගෙ අතින් අල්ලලා හොලවන ගමන් ඇහුවෙ ලීසා කලපනාවක ඉන්නවා කියල තේරුන නිසා
"අහ් ඔව් මන් හොදින් ඒත් මට බඩගින්නක් නම් නෑ"ලීසා හිනා වෙලා එයාගෙ බඩත් අත ගාන ගමන් කිව්වෙ අනිත් අයට වෙනසක් නොතේරෙන්න.
"හැමදේම හොදින්ද?"
"ඔව් උන්නි"ජීසො ඇහුවෙ ලීසාගෙ කම්මුල දෙපැත්තෙන් අල්ලගෙන ඒත් ලීසාට සිද්ද උනේ ජීසොට බොරුවක් කියන්න.මොකද ලීසා දන්නෙ නෑ එයා වටා තියෙන මේ අදුරු වලාව මොකද්ද කියලා.ඒ වගේම එයාට දැනුනා එයාගෙ අත්දෙක වෙව්ලන හැටි.
ලීසාගෙ වෙනස දැකපු රෝස්ට ලීසාට කතා කරල සහනයක් වෙන්න ඔන උනත් රෝස් එයාගෙ හිත තද කර ගත්තෙ එයා තවමත් ඉන්නෙ කේන්තියෙන් නිසා.ලීසා එදා දවසෙම හිටියෙ ටිකක් අවුලෙන් වගේ.එයාලගෙ ඩාන්සින් ප්රැක්ටිස් වලදි වගේම එයාලගෙ කොරියෝග්රැපි ඩීටේල්ස් දෙනකොටත් ලීසා හිටියෙ මේ ලෝකෙ සිහියකින් නෙමෙයි.ලීසාට එදා දවසෙ එ කිසිම දෙයක් ඔලුවට ගියේ නෑ.ලීසාට දැනුනෙ එයාට ඔක්කාරය වගේම කරකැවිල්ලක් හැදෙනවා වගේ
"ලීසා ඔයා හොදින්ද?"ජෙනී ඇහුවෙ ලීසාගෙ අතකින් අල්ල ගන්න ගමන්.දැන් ගොඩක් වෙලා තිස්සෙ ජෙනීට ලීසාගෙ වෙනසක් තේරිලා තිබුනා.
"ඔව් උන්නි"ලීසා ආපහු වතාවක් පැකිලුනා එයාට දැනෙන අමාරුකම් අනිත් අයට කියන්න.ඒත් ජෙනීට හරි ලස්සනට එයාලගෙ නංගිගෙ වෙනස තේරිලයි තිබුනෙ