මේ අතරෙ yg ස්ටුඩියෝ එකේ තවත් ප්රශ්නයක්...ලීසායි රෝසුයි අතර මොකක්ම හරි ප්රශ්නයක් තියෙනවා කියලා හැමෝටම දැනෙන්න පටන් අරන් තිබ්බේ.ලීසා රෝස්ට නපුරු විදියට සලකන්න පටන් අරන් තිබ්බා...ඒ කියන්නෙ ලීසා රෝස්ගෙ පොඩි පොඩි වැරදි වලටත් හයියෙන් හිනා වෙන්න කෑ ගහන්න පටන් අරන් තිබ්බා..
මුලින් ජීසෝ ඊට පස්සෙ ජෙනී හේතුවක් ඇහුවත් එ හැම වෙලාවකම එයාලට ලැබුන උත්තරෙ "මන් දිවුරනවා මන් හොදින්"කියන වචන ටික විතරය්..මුලු දවසම ගෙවිලා දවසෙ අවසානෙ ආවත් හැමෝම බය උනේ ලීසාගෙ මෙ හැසිරීම ගැන..බය වෙනවට වඩා එයාලා ලීසා ගැන වද උනා.මොකද ලීසා මීට කලින් කවදාවත් මෙහෙම හැසිරිලා නෑ
ප්රැක්ටිස් ඉවර උනාම ජීසෝ ජෙනී එක්ක කලින් එලියට ගියේ රෝස්ටයි ලීසාටයි කතා කරන්න ඉඩ දීලා...
"උන්නි,එයාලට මොකද්ද වෙලා තියෙන්නෙ?"
ජීසොගෙ අතින් අල්ල ගත්ත ජෙනි ඇහුවෙ ගොඩක් දුකින්...මොකද එයාලා එක පවුලක්..ඒ පවුල ඇතුලෙ මෙහෙම ප්රශ්න තිබිලා නෑ මීට කලින්..
"මන් දන් නෑ..ඒත් මට හිතෙන්නෙ එ දෙන්නා අතරෙ මොකක් හරි වැරදි වැටහීමක ඇති වෙලා කියලා"එහෙම කියපු ජීසෝ උරහිස් අකුලද්දි"මටත් හිතුනා...මේ හැමදෙයක්ම වැරදි වැටහීමක් නිසා කියල හිතෙනවා..ඒත් ඒ මොකක් ගැනද?"
"මන් දන් නෑ..ඒත් මන් දන්න එකම දේ ලීසා මේ දවස් වල ජංකුක් නිසා ස්ට්රෙස් එකේ ඉන්නෙ"ලීසා එනකන් කාර් එකෙන් පිටත බලාගෙන ජීසෝ කිවුකෙ ලොකු හුස්මක් පිට කරලා...
"මමත් දන්නවා ඒක...ලීසා මාත් එක්කත් කිය කිය ගොඩක් ඇඩුවා...එයා බයේ ඉන්නෙ ජංකුක්ව එයාට නැති වෙයි කියලා...මට දුකයි ඔන්නි එයා ගැන"ජෙනී කිවුවෙ දුකෙන්
"ඔයා මට කියන්න එපා එයා හිතාගෙන ඉන්නෙ රෝස් නිසා එයාට ජංකුක්ව නැති වෙයි කියලා ලීසා හිතනව කියලා"
ජීසෝටෙ එවෙලෙම හිතුනා එහෙම හිතන එක මෝඩකමක් කියලා...ඒත් මේ වෙන දේවල් වල හැටියට එහෙම වෙන්නත් පුලුවන්නේ...ජෙනීටත් මේ වෙනකොට එහෙම දෙයක් හිතිලා කියලා ජීසෝ දැනන් හිටියෙ නෑ..."අපි ඉක්මනට මේක ගැන හොයා ගමු.බය වෙන්න එපා"
ජීසෝ කිවුවෙ එයාගෙ තොල විකා ගන්න ගමන්.