ටේමින් එයාගෙ කාර් එකට වෙලා ඇඩුවෙ එයාගෙ හිත ගොඩක් රිදෙන නිසා..එයා ඇත්තටම ජිමින්ට ගොඩාක් කැමතී...ඒත් ජිමින් එයාට කවදාවත් ආදරෙ කරන්නෙ නෑ කියල දැන දැන මේකට මැදිහත් උන එක එයාගෙ මෝඩකමක්...ජිමින්ගෙ ආදරෙ ජංකුක් විතරමයි කියන එක ටේමින් හොදටම දැනගෙන හිටියා..ඒත් ඉතින් ආදරේ නිසා මිනිස්සු මෝඩ වැඩ කරනවනේ..ටේමින්ට උනෙත් ඒකමයි
ටේමින් එයාගෙ කාර් එකෙන් එයාලගෙ අපාර්ට්මන්ට් එකට ඇවිත් එයා කෙලින්ම ගියේ මින්හෝව හොයාගෙන...මේ දේවල් එක්ක ටේමින් මින්හෝගෙන් ටිකක් ඈත් වෙලයි හිටියෙ...ටේමින් දොරට තට්ටු කරාට පස්සෙ මින්හෝ දොර ඇරියෙ ඇයි කියල අහන ගමන්."මට ඇතුලට එන්න පුලුවන්ද?මට අඩන්න ඕන"ටේමින්කිව්වෙ එයාගෙ මූනෙන්ම එයාගෙ හිත ඇතුලෙ තියෙන වේදනාව හොදටම පෙනෙද්දි.
මින්හෝ ලොකු හුස්මක් ගත්තෙ එයා දන්නවා මේ දේ කවදාහරි වෙනවා කියලා...ජිමින් වෙන් උනේ ටේමින්ට නෙමෙයි..ඒ ගැන ටේමින්ට පැහැදිලි කරන්න ගිය එකෙන් උනෙ ඒ දෙන්න රන්ඩු වෙලා දුරස් උන එක විතරයි.ඒ ටේමින් කවදාවත් ඇත්ත පිලිගත්තෙ නැති නිසා...
"ඇතුලට එන්න"ටෙමින්ව හිනා වෙලා බදා ගන්න ගමන් මින්හෝ එයාව කාමරෙ ඇතුලට එක්කරගෙන ගියේ ටේමින්ට හිතේ හැටියට අඩන්න ඉඩ දෙන්න.
____________________
ලීසා වගේම ජංකුකත් සන්සුන් උනාට පස්සෙ ඒ දෙන්නා එක්කම කව්ච් එකෙන් වාඩි වෙලා දැන් මොකද්ද කරන්නෙ කියල හිතන්න ගත්තෙ මේ වෙලාවෙ කරන්න ට්ගියෙන හොදම දේ හිතන ගමන්
"ඉතින් දැන් "ලීසා ඇහුවෙ අඩලා අඩලාම හෙම්බත් උන කටහඩකින්"දැන් මන් එයාට මූන දෙන්න ඕන"ජ්ංකුක් කිව්වෙ ලොකු හුස්මක් පිට කරන ගමන්.
"ඇයි ඔයා ඔයාගෙ හැගීම් ගැන එයාට කියන්නෙ නැත්තෙ?"ලීසා ඇහුවෙ ජංකුක්ගෙ එක අතකින් තදින් අල්ල ගන්න ගමන්. ලීසාත් ඉන්නෙ දුකින් තනයි..ඒත් මෙ වෙලාවෙ එයාට වඩාත් වැදගත් ජංකුක් හොදින් ඉන්න එක.
"ඒක අපි හිතනවට වඩා අමාරුයි ලීසා"ජංකුක් එයාගෙ ඔලුව දෙපැත්තට හොල්ලන ගමන් කිව්වෙ අනිත් අතට ලීසාගෙ අතින් අල්ල ගන්න ගමන්.
"ඔයා කැමති නම් මට කියන්න.මට විශ්වාසයි මට ඔයාට උදව් කරන්න පුලුවන්"
"එයාගෙ නම මින්ජේ"අන්තිමට ජංකුක් ඒ අමිහිරි අතීතය ගැන ලීසාට කියන්න පටන් ගත්තෙ තවත් ලීසාට හංගන්න දෙයක් නැති නිසා ..