future love 2

791 155 58
                                    

" ආ මහත්තුරු ලොකු කතාවක වගේ,මේ තරුන මහත්තුරුන්ගෙ කතාවට මාත් එකතු උනාට කමක් නැද්ද?

  සුගා කෑගහන එක නතර කරේ පන්සලේ හාමුදුරුවෝ එයාල ඉන්න තැනට ආපු නිසා.

හතරදෙනාම හාමුදුරුවන්ට ආචාර කරා.

" ටේහියුන් කුමරුනි,
හාමුදුරුවෝ කතා කරේ ටේහියුන් දිහා බලාගෙන,එතුමා 'ටේහියුන් කුමරුමනි'කියද්දි ටේගෙ ඇස් ලොකු උනා.

" ඔ-බ තු-මා...

ටේහියුන් අහන්න උත්සහ කරපු දේ ගනන් නොගෙන එතුමා ආයෙම හඩ අවදි කරා.

" ඔබ අහන්න යන්නෙ කුමරුනි ලෙස ආමන්ත්‍රරනය කල හේතුව නම් එය අමතක කරන්න.මං ආවෙ වැදගත් දෙයක් කියන්න.."

හාමුදුරුවන්ගෙ නිවුනු නමුත් තීව්‍රර සද්දෙට ටේහියුන් වගේම අනිත් අයත් සන්සුන් වුනා.

" අවුරුදු හාරසීයක්, ඔබතුමා ආත්ම භව හතක් පුරාවට ඔබතුමාගෙ ආත්මගත බැදිම හෙව්වා.හත්වෙනි ආත්මෙ දි ඔබතුමා ඔහුව හොයාගත්තා...

හාමුදුරුවෝ කිව්වෙ ජන්කුක් දිහා බලාගෙන,

"ඒත් සතුටු වෙන්න එපා හැමදේම හොද විදිහට අවසන් උනා කියලා.කාලය කියන්නෙ ස්වභාව දර්මෙ කොටසක්,ඒකට අභියෝග කරන්න මිනිස්සුන්ට පුලුවන් උනත් ස්වාභාව දර්මය ඊට වඩා බලවත්.මග ඇරුන හිස්තැන් පුරවන්න වෙයි ඒක හිතනවට වඩා අපහසුවෙයි."

හාමුදුරුවෝ කිව්වෙ ගොඩක් බරපතල දෙයක් කියල හැමෝටම තේරුනා.ඒත් මුලින් තිබුන සන්සුන් බව එවිදිහටම ඒ ඇස් වල සටහන් වෙලා තිබුනා.

" කලබල වෙන්න එපා,ආත්මගත බැදුම්කරුවෝ එකට ඉන්නකන් ශක්තිමත්,මං කියන දේවල් විකාර වගේ හිතෙන්න පුලුවන්..ඒත් ඒවා තවදුරටත් විකර කියලා නොහිතන දවසට මේක කියන්න මං නැති වෙන්න පුලුවන්....මගෙ රාජකාරිය මෙතනින් අවසන්..කුමාරයා එනතෙක් එතුමගෙ මාලිගය මං රැක ගත්තා..තවදුරටත් භෞතික වස්තුවක් මත්තෙ ජීවත් වෙන්න මට උවමනාවක් නෑ.."

" අනාගතෙ ඉදිරියට අදුරු දේවල් සිද්ද වෙයි..බුද්දිමත්ව ඒවට මුහුන දෙන්න..."

හාමුදුරුවෝ අත් වල තිබුන දෙයක් එලියට ගත්තා.ඒක රත්තරං සංදේශයක්.

Give Him Back  ᷫ ͧ ͭ ͧ ͬ ͤ ᷝ ͦ ͮ ͤ  ᷮ ⷶ ͬ ͭ ͥ ͥWhere stories live. Discover now