future love 27

287 84 18
                                    

"මං එලියට ගිහින් එනකන් මෙහෙන් එලියට යන්නෑ කියලා පොරොන්දු වෙන්න පුලුවන් ද කුක්?"

ටේහියුන් එයා ඇදුම් අදින දිහා බලන් ඇද උඩ වාඩිවෙලා ඉන්න ජන්කුක් ගෙන් අහද්දි ජන්කුක්ගෙන් ලිට්ල් සෑඩ් පව්ටි එකක් එන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.

"ඔහොම බලන්න එපා කුක්.ඔයා ඉන්න මං ඉක්මනට ගිහින් එන්නම්..නැත්තන් අපි දෙන්නටම බඩගින්නෙ අද ඉන්න වෙන්නේ"

"ඉතින් මාත් එල්ලම්කො අප්පා...

ජන්කුක් ටේහියුන් ගෙ අතෙ එල්ලිලා පුලුවන් තරම් කියුට් මූනක් දැම්මෙ ඒ මූනට ටේ එයාව එක්කන් යනවා කියලා දන්න නිසා.ඒත් ජන්කුක් කවදාවත් බලාපොරොත්තු නොවුන විදිහට ටේහියුන් ජන්කුක්ගෙ අත ගසා දාලා ජන්කුක්ව ඇදට තල්ලු කරලා කේන්තියෙන් දොර වහන් යද්දි  වුනෙ මොකද්ද කියලවත් හිතාගන්න පොඩි එකාට පුලුවන් උනෙ නෑ.

"එ..එයා ට මාව එපා වෙලාද?

ජන්කුක් ගෙ ඇස් වල කදුලු පිරුනත් ජන්කුක් කදුලු පිහදාගෙන මූනට හිනා වක් ගත්තා.එයාගෙ වැරැද්ද.එයාට තිබ්බා ටේට උදේම කරදර නොකර ඉන්න..

තමන්ටම මුමුනගෙන ජන්කුක් හිමින් ඇදෙන් නැගිටලා රූම් එකෙන් එලියට ආවා.ජන්කුක් ට මතක් උනෙ ඉස්සර එයා ටේහියුන් කුමාරයා මාලිගාවෙන් ගියාට පස්සෙ එලියට එන හැටි.ජන්කුක් කවදාවත් හිතුවෙ නෑ ආයෙම ඒ වගෙ ලස්සන දවස් එයි කියලා..

ඉස්සර ජන්කුක් උදෙ නැගිටලා එලියට එද්දි හැමදාම වගෙ ජිමින් හියුන්ග් ජන්කුක් ට ග්‍රීට් කරනවා,ඊට පස්සෙ එයාලා ටේගෙ උද්‍යානෙට වෙලා මුලු දවසම විකර කරනවා.

"අපිට තිබ්බෙ ජිමිනි හියුන්වයි,යුන්ගි හියුන්වයි එක්කන් එන්න...

ජන්කුක් තමන් එක්කම කතා කර කර මාලිගාවෙන් එලියට ආවා.මාලිගාවෙ උද්‍යානෙ පුදුම තරම් ලස්සනයි.මාලිගාව වටේටම පුංචි පුංචි පාට පාට මල් ගස් තිබ්බා වගේම මාලිගාව ඈතට වෙන්න වෙන්න ලොකු ගස් තිබ්බා.හරියට කොල පාට ලෝකයක් වගේ.උදේ ඉර එලියත් වැටිලා පිනිබිංදු එක්ක කියාගන්න බැරි තරම් ලස්සනට උද්‍යානය ජන්කුක්ට පෙනුනා.

Give Him Back  ᷫ ͧ ͭ ͧ ͬ ͤ ᷝ ͦ ͮ ͤ  ᷮ ⷶ ͬ ͭ ͥ ͥWhere stories live. Discover now