"ඒක කොහොමද කරන්නේ?
නිකොල්සන් ඇහුවෙ පුදුමෙන් මත් උන ඇස් වලින්.
"ඒක කරන්න පුලුවන් නිකොල්සන් ,ජන්කුක් මට ලැබුන මාලෙකින් අවුරුදු හයසීයක් ආපස්සට ගියා,එහෙදි යි එයාට ටේහියුන් ව හම්බවුනේ,එකයි ඒ දෙන්නගෙ ආදරේ සාමාන්‍ය ආදර කතාවක් නොවෙන්නේ..
ජියොන් කියද්දි නිකොල්සන් ජියොන් දිහත් ටේහියුන් දිහත් බැලුවෙ තාමත් කන් වලට ඇහෙන දේවල් හිතාගන්න බැරුව.
"කෝ එතකොට ඒ මාලේ ජියොන් අංකල්?
ටේහියුන් අහද්දි ජියොන් ඔලුව වැනුවෙ දන්නැ කියන්න.
"ජ්න්කුක් ආපහු එද්දි මාලයක් ගෙනාවෙ නෑ..අපි අදටත් දන්නෑ මාලෙට මොකද උනෙ කියලා...
"මාලෙ නැතුව අපි කොහොමද අතීතෙට යන්නේ....?පොඩි දරුවගෙ ආත්මෙට සැනසීමක් ගේන්නේ?
"මං දන්නෑ ටේහියුන් ...ඒත් අපි මාලෙ හරි කාලේ ආපස්සට යන්න පුලුවන් වෙන මොකක් හරි හොයාගන්න වෙනවා..නැත්තන් කවදාවත් අපිට සැනසිල්ලෙ ඉන්න වෙන්නැ...
ජියොන් කිව්වෙ යුන්ගිගෙ ඔඩොක්කුවෙ ඔලුව තියන් නිදන් ඉන්න එයාගෙ දරුවා දිහා බලන්.
"අංකල්...මට දෙයක් කියන්න තියනවා..මාලෙ නැතුව උනත් අපිට මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න පුලුවන් ....
ටේහියුන් කිව්වේ නිදන් ඉන්න ජන්කුක් දිහායින් ඇස් අහකට නොගෙන.ජියොන් තමන් දිහා පුදුමෙන් බලන් ඉද්දි ටේහියුන් එයාගෙ සාක්කුවෙන් පුංචි ටියුබ් එකක් එලියට ගත්තා.
"එයාට ඕනි මාව මරන්න නම් මං මැරුනොත් එයා ගෙ ආත්මෙට සැනසීමක් ලැබෙයි,එතකොට ජන්කුක් ටත් හොදින් ඉන්න ලැබෙයි..හැමෝටම ප්‍රශ්නයක් වෙන්නැතුව මේක විසදන්න පුලුවන් ලේසිම විදිහ ඒක.."
ටේහියුන් ඒක කිව්වෙ ඇත්තටම සතුටකින්..මොකද ජන්කුක් ගෙ ඇගෙන් ආත්මෙ දැන් අයින් වෙලා..මාලෙ බෙල්ලෙ තියනකන් ජන්කුක් ට ප්‍රශ්නයක් නැ,ඒත් ඒක තාවකාලික විසදුමක්,ඒකෙන් ආත්මෙ සැනසෙන්නෑ..ඒත් ටේහියුන් මැරුනොත් ආත්මෙ සැනසිමක් ලබාගනී...
"ඔයා හිතනවද කිම් ටේහියුන් සියදිවි නසාගන්න එක උත්තරයක් කියලා ?
YOU ARE READING
Give Him Back ᷫ ͧ ͭ ͧ ͬ ͤ ᷝ ͦ ͮ ͤ ᷮ ⷶ ͬ ͭ ͥ ͥ
Fanfictionමේක කියවන්න කලින් ඔයාලා අනිවාර්යයෙන් ම Part 1 ඒ කියන්නෙ My love from the future කියවල එන්න...ඔයාට ඒක කියවන්න බෝරින් වගේ නම් it's ok..මං පැහැදිලි කිරීම් දාන්නම් අවුල් තැන් ලෙහෙන්න... Top tae Bottom kook Taekook ×ghost fiction