"එයාගෙ ඔලුවට ප්‍රශ්නයක් නෑ නේද?
ටේහියුන් ඇහුවෙ ජින්ගෙන්.ජන්කුක් ව ටේහියුන් ගෙ රූම් එකෙන් තියලා තිබ්බෙ,එයාට තවමත් සිහිය ආවේ නෑ.මේ වෙද්දි පැය හයක් විතර ගිහින් උනත් ජන්කුක් තාම ඇස් ඇරියෙ නෑ.
"ඒතරම් ලේ ගිහින් නම් නෑ.අපි එයාව හොස්පිට්ල් ගෙනිච්චොත් නරකද?මට x- ray එකක් අරන් බලන්න වෙයි වගේ..
ජින් ආයෙම කියද්දි එතන හිටිය නිකොල්සන් ඔලුව වැනුවෙ ඕනිනෑ කියන්න.
"එයාව අපි එක්කන් යන්නම් මිස්ටර් කිම්,ජන්කුක් මෙහෙම හැසිරෙන්න හේතුව එයා අවුරුද්දක් විතර කෝමා වෙලා හිටියේ,සමහරවිට ඒකෙ බලපෑම නිසා වෙන්න ඇති..එයාට සිහිය එද්දි මෙහෙන් ඈතට ගිහින් තියන එක හොදයි.."
නිකොල්සන් කියද්දි ජින් ටේහියුන් දිහා බැලුවා,ටේහියුන් ඔලුව වැනුවට පස්සේ ජින් ජන්කුක් ගෙ ඔලුවත් අතගාලා එතනින් එලියට ගියා.
"අංකල්,මට ජන්කුක් ට කරදරයක් කරන්න ඕනි උන්නෑ...මට සමාවෙන්න "
ටේහියුන් එතන වාඩි වෙලා ඉන්න මිස්ටර් ජියොන් ලගට ගිහින් සමාව ඉල්ලුවෙ මේ වෙනකන් ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් ටේහියුන් එක්ක කතා නොකරපු නිසා.
"අපි හැමෝම දන්නවා එවෙලෙ ඔයා කලෙ හරිම දේ කියලා ටේහියුන් ,අපි එයාව අරන් යන්නම්..මිසිස් මියෙන්වූගෙ ෆියුනරල් එක ගැන ඔයායි බලන්න ඕනි..අපි ඔයා එනකන් එයාව පරිස්සම් කරන්නම්"
(ලමයි ටේහියුන් ගෙ තාත්තා ව ස්ක්‍රිප්ට් එකෙන් අයින් කරා හොදද,මට එයාව අමතක වෙනවා.එයාට කරන්න තරම් main role එකක් කතාවෙ නැති නිසා අපි එයාව ඇදලා එලියට දාමු හොද්දෙ)
"අංකල් ඒත් ජන්කුක් නැගිට්ටාම මාව හොයයිනේ..."
ටේහියුන් කිව්වෙ දෙගිඩියාවෙන් ,ජන්කුක් ව තනි කරන්න එයාට කොහෙත්ම ඔනි උන්නෑ..
"තේරුම් ගන්න ටේහියුන් , ඔයා දැන් පල්ලියට යන්න ලෑස්ති වෙන්න.පල්ලියෙ වැඩ ඉවරකරලා ඔයාට නෑදෑයන්ට කතාකරන්න වෙයි..අහන්න පුතෙ ඔයා මේ දේවල් ඉවරකරලා එන්න."
අන්තිමට ජන්කුක් ගෙ අම්මා ටේහියුන් ට කතාකරාට පස්සෙ ටේහියුන් ඔලුව වැනුවා.
YOU ARE READING
Give Him Back ᷫ ͧ ͭ ͧ ͬ ͤ ᷝ ͦ ͮ ͤ ᷮ ⷶ ͬ ͭ ͥ ͥ
Fanfictionමේක කියවන්න කලින් ඔයාලා අනිවාර්යයෙන් ම Part 1 ඒ කියන්නෙ My love from the future කියවල එන්න...ඔයාට ඒක කියවන්න බෝරින් වගේ නම් it's ok..මං පැහැදිලි කිරීම් දාන්නම් අවුල් තැන් ලෙහෙන්න... Top tae Bottom kook Taekook ×ghost fiction