ටේහියුන් ගෙදර දි සිද්ධ වුන දේවල් ජන්කුක් එහෙම්ම අමතක කරලා දැම්මේ එයාගෙ හිතලුවක් වෙන්න ඇති කියලා..ටේහියුන්ගෙ අම්මට සමු දීලා ටේහියුන් එක්ක කෙලින්ම යුනිවසිටි යනකොටත් කිසිම විශේශ දෙයක් සිද්ධ නොවිච්ච නිසා ජන්කුක් වැඩිය ඒ ගැන හිතන්න ගියේ නෑ...
"කූ,එහෙනම් මං දැන් යන්නම්.
කැම්පස් ඉවරවෙලා ටේහියුන් ජන්කුක්ව එයාගෙ අප්පගෙ මියුසියම් එක ලගට ගෙනත් දැම්මේ ජන්කුක් පුරුද්දක් විදිහට මියුසියම් එකට ගිහින් අප්පත් එක්ක ගෙදර යන නිසා.
"හරී ටේ..."
ජන්කුක් ටේගෙ තොල් වලට චූටි කිස් එකක් දෙන්න නැමෙද්දි ටේහියුන් ජන්කුක්ව ඇදලා අරගෙන විනාඩියක් විතර කිස් කරලා අතාරියා.
"අයිගෝ බලන්නකෝ තොල් ඉදිමිලා...දන්නවනේ අප්පගෙ හැටි මාව ජෝක් එකට ගනි.."
ජන්කුක් කිව්වෙ ටේහියුන් ට රවන ගමන් එයාගෙ තොල් දිහා බලාන..
ටේහියුන් කට කොනට හිනාවෙද්දි කියපු මෝඩකම කියලා හිතුන ජන්කුක් ටේහියුන්ගෙ ඔලුවට පාරකුත් ගහගෙනම කාර් එකෙන් බැස්සා.
ටේහියුන් ගියාට පස්සෙ ජන්කුක් මියුසියම් එක ඇතුලට ගියේ ගොඩ කාලකට පස්සෙ.මොකද එයා අන්තිමට මියුසියම් එකට ගියාට පස්සේ එයා ලොකු ට්‍රිප් එකක් ගියානේ අතීත කොරියාවට...
"අපුච්චා මං ආවා.."
ජන්කුක් කෑගහගෙන තාත්තගෙ ඔෆිස් එකට පනිද්දි ජන්කුක් ට 'හීක්' ගෑවුනා.මොකද එයාගෙ තාත්තා හිටියෙ සම්මානනීය විද්‍යාඥයෝ ටිකක් එක්ක සාකච්ඡාවක.
"ජන්කුක්....
මිස්ටර් ජියොන්ගෙ රතුවුන මූන දැකලා ජන්කුක් ට හිතුනෙ ඇටකට්ටක් ඔලුවෙ ගහන් මැරුනනම් එකයි කියලා..
"මේ මගෙ එකම පුතා...ජන්කුක් මේ ඉන්නේ මහාචාර්ය හෙන්රි නිකොල්සන්,හාවර්ඩ් වල ඉදන් අපේ ආරාධනයකටයි මෙහෙට ආවේ"
තාත්තා ඇස් කරකව කරකව කියද්දි ජන්කුක් දන්නවා දැන් ඒ හිත යටින් ජන්කුක්ව මරලා කපලා තම්බලා කාලත් ඉවරයි කියලා...
"හෙලෝ සර්..
ජන්කුක් හිනාවෙලා ප්‍රොෆෙසර් හෙන්‍රිට හෑන්ඩ් ශේක් කරද්දි ප්‍රොෆෙසත් හිනාවෙලා ජන්කුක්ට අතට අත දුන්න...
YOU ARE READING
Give Him Back ᷫ ͧ ͭ ͧ ͬ ͤ ᷝ ͦ ͮ ͤ ᷮ ⷶ ͬ ͭ ͥ ͥ
Fanfictionමේක කියවන්න කලින් ඔයාලා අනිවාර්යයෙන් ම Part 1 ඒ කියන්නෙ My love from the future කියවල එන්න...ඔයාට ඒක කියවන්න බෝරින් වගේ නම් it's ok..මං පැහැදිලි කිරීම් දාන්නම් අවුල් තැන් ලෙහෙන්න... Top tae Bottom kook Taekook ×ghost fiction