future love 6

549 133 24
                                    

ජන්කුක් එයාගෙ ඔලුව ඇල්ලුවා.කොහොමද ඔලුව ගෙඩි ගැහුනේ...එයාටවත් හිතාගන්න බෑ කොහොමද එහෙම උනේ කියලා..එතකොට ඊයේ රෑ දැකපූ හීනේ....

"කුක්...මොකද?

ටේහියුන් ඇස් ලොකු කරලා අහද්දි ජන්කුක් නෑ කියන්න ඔලුව වැනුවා.

" වොශ් දාන් පහලට එන්න එහෙනම් .ඔම්මාට ඔයා ගැන මං කියන්නම් ..ඔයා පහලට එන්නකෝ"

ටේහියුන් කියද්දි ජන්කුක් ඔලුව උඩට පහලට කරා..

ටේහියුන් ගියාට පස්සෙ ජන්කුක් ඇදෙන් නැගිටලා වොශ් රූම් එක ඇතුලට ගියා...වොශ් රූම් එකේ මිරර් එකෙන් පේන එයාගෙ රූපේ දිහා ටිකක් වෙලා බලන් ඉදපු ජන්කූක් ටැප් එක ඇරලා වතුර ටිකක් මූනට දා ගත්තා..ජන්කුක් නැමෙද්දි ජන්කුක්ට  දැනුනා එයාගේ  ප්‍රතිබිම්බය එයා දිහා බලල එකපාරට හිනාවුනා වගේ..

ජන්කුක් අත් දෙක මූනෙන් හිමින් අහක් කරලා හිමීට කන්නාඩිය දිහා බැලුවා..නැ..කිසිම අවුලක් නෑ...සාමාන්‍ය විදිහට එයාගෙ ප්‍රතිබිම්බය පේනවා...

ජන්කුක් හුස්මක් පාතට දාලා එයාගෙ ඔලුව ගෙඩි ගැහිල තියන තැන හිමින් ඇල්ලුවා..එතනපොඩ්ඩක් වත් රිදෙන්නෑ..කන්නාඩියෙන් පේන්නෙ නැත්තම් එයා හිතයි එතන ඇත්තටම ගෙඩි ගැහිලා නෑ කියලත්...

ජන්කුක් ඔලුවට ඇස් යොමු කරගෙන ඉද්දි එයාට දැනුනා කවුරුහරි හරියටම එයාගෙ පිටිපස්සෙන් ඉන්නවා කියලා ,හරියටම පිටිපස්සෙන් ...

මොකද ජන්කුක්ට දැනුනා උනුසුම් හුස්ම දාරාවකුත්...

එයා එකපාරට පිටිපස්සට හැරෙද්දි පිටිපස්සෙ කවුරුත්ම හිටියෙ නෑ......

..............................................................

"ඔම්ම්මා....ගුඩ්මොනින් ......"ටේහියුන් ගිහින් එයාගෙ අම්මව බදාගත්තාම ටේගෙ අම්මත් ටේව ආපස්සට බදාගත්තා.

"ජිනී කිව්වා ඔයා එනකන් ඔයාගේ රූම් එකට යන්න එපා කියලා..එහෙම ගියොත් මට ප්‍රෙශර් වැඩිවෙයි කිව්වා"

ටේගෙඅම්මා කියද්දි ටේ ඔලුවෙ අත ගහගත්තා...

"අයිශ් මේ හියුන්..එයා වෙන මොනවද කිවේ?

Give Him Back  ᷫ ͧ ͭ ͧ ͬ ͤ ᷝ ͦ ͮ ͤ  ᷮ ⷶ ͬ ͭ ͥ ͥWhere stories live. Discover now