Future love 9

507 131 34
                                    

"නිකොල්සන්?

කාමරෙන් එලියට ඇවිත් මිස්ටර් ජියොන් නිකොල්සන් දිහා බැලුවෙ නිකොල්සන්ගෙ මූනෙ තිබ්බ කලබලකාරී ගතිය ගැන බයවෙලා.

"අහන දේට පැහැදිලිව උත්තර දෙන්න ජියොන්....මට කියන්න ලගකදි ඔයාලගෙ කවුරුහරි නෑදෑ කෙනෙක් මැරුනද කියලා?ජන්කුක්ට ආදරේ කරන කෙනෙක් හරි,නැත්තන් එයත් එක්ක තරහක් තියන කෙනෙක් හරි?

ජියොන්ගෙ ඇස් ලොකු උනා.ජන්කුක්ගෙ අසනීපෙයි මැරුන අය අතරයි තියන සම්බන්ධෙ මොකද්ද???

"මට තේරෙන්නෑ ඔයා අහන කිසි දෙයක් නිකොල්සන් ...අනික ඔයා කියපු විදිහට එහෙම කවුරුත් මැරුන්නැ ලගකදී"

ජියොන් කියද්දි නිකොල්සන් හිනාවෙලා ජියොන්ගෙ පිටට තට්ටු කරා.

"කලබල වෙන්න එපා..සමහර විට it's just a fever..ඒත් මොනවමහරි දෙයක් විශේශ දෙයක් ජන්කුක්ට උනොත් මට අනිවාරෙන් කතා කරන්න ජියොන්"

"ඇයි ජන්කුක්ට මොනව වෙන්නද?ඔයා ඔහොම කතා කරද්දි ඇත්තටම මට බයයි නිකොල්සන් ?

"අයි ජස්ට් ජෝක්..මං එහෙනම් යන්නම්..ටේහියුන්ට කියන්න මං ගියා කියලා...එයා ඔයාගෙ පුතාට ගොඩක් ආදරෙයි වගේ..."

නිකොල්සන් ටේව මෙන්ශන් කරද්දි ජියොන්ට හිනා ගියා.

"ඔව් ආත්ම ගානක ඉදනුයි ඔය කොල්ලා පස්සෙන් එන්නෙ"

"මොකද්ද?

"අමතක කරන්න නිකොල්සන් ..අපි මොනවහරි බොන්න පහලට යමු.."

ජියොන්ගෙ ආරාධනයත් එක්ක නිකොල්සන් ජන්කුක්ගෙ රූම් එක දිහා එක පාරක් බලල ආපහු පහලට ගියා ..

........................................................

ටේහියුන් ගැස්සිලා ඇහැරුනෙ ජන්කුක් දගලන්න ගත්ත නිසා.ටේහියුන් ට තේරුනා එයටත් ජන්කුක්ගෙ ඇදට ඔලුව තියාගෙනම නින්ද ගිහින් කියලා..

"කූ....

ටේහියුන් හිමින් ජන්කුක්ගෙ ඔලුව අතගාද්දි ජන්කුක් හිිමින් ඇස් ඇරියා..

"ඔයාට අඩුයිද දැන්?

ටේහියුන් ජන්කුක්ගෙ ඔලුව හිමින් සැරේ අතගාන ගමන් අහද්දි ජන්කුක් හිමින් ඔලුව වැනුවා.

Give Him Back  ᷫ ͧ ͭ ͧ ͬ ͤ ᷝ ͦ ͮ ͤ  ᷮ ⷶ ͬ ͭ ͥ ͥWhere stories live. Discover now