future love 8

513 141 33
                                    

ජන්කුක් ට උදේ ඇහැරුනා.උදේ නැගිට්ටම ජන්කුක්ගෙ මුලු ඇගම වෙව්ලන්න ගත්තෙ එයාටත් හිතාගන්න බැරි විදිහට..

ජන්කුක් ඇදෙන් නැගිටින්න උත්සහා කරත් ආයෙම එයා ඇදට කඩාගෙන වැටුනේ අතක් පයක් වත් හොල්ලන්න බැරි විදිහටම එයාට අමාරු නිසා...

වෙනදට උදේපාන්දර ම නැගිටලා නිව්ස් පේපර් එකෙ තියන කොමික්ස් වලට වලි දාගන්න පුතන්ඩියා පහලට ආවේ නැත්තෙ මොකද බලන්න ජියොන් උඩට ගියා..හරිනම් ජන්කුක් දැන් යුනිවසිටි යන්නත් ලෑස්ති වෙන්න ඕනි...

"ඒයි ජන්කුක්කා..තාම නිදිද?

ජියොන් කෑගැහුවත් ජන්කුක්ගෙන් සද්දයක් නොතිබ්බ නිසා එයා දොර ඇරියා..

"ජන්කුක්...

ජියොන් දැක්කෙ කුක් ඔලුවෙ ඉදන් පොරවගෙන ඉන්න විදිහ,ජියොන් පුදුම උනා..මොකද ජන්කුක් කියන්නෙ කම්මැලි ලමයෙක් නොවන නිසා..

"පුතේ...

ජියොන් ජන්කුක් ගෙ ඔලුව අතගාද්දියි දැක්කෙ ජන්කුක්ට හොදටම උන අරගෙනයි කියලා..

"ඒයි ...කුකී නැගිටින්න .. .. ..

ජියොන් ගෙ පෙරැත්තෙටම ජන්කුක් ඇස් ඇරියත් එයාට ඇස් ඇරන් ඉන්නවත් හරියකට පනක් තිබ්බේ නෑ..

"අ..මා..රු..යි...අ..ප්...පා...

ජන්කුක් කෙදිරි ගාලා ආයෙම ඇස් පියාගනිද්දි ජියොන්ගෙ ඇස් වලටත් කදුලු ආවා..මොකද ජන්කුක් කවදාවත් එයාට අමාරු උනහම පොඩි කෙදිරිල්ලක් වත් පෙන්නලා නෑ..ජන්කුක් ඔහොම කතා කරනව කියන්නෙ එයා ඉන්නෙ ගොඩක් අමාරුවෙන් .. .

"ඔම ඉන්න මං ඔම්මට කියන්න...

ජියොන් අඩියට දෙකට පහලට ගිහින් ෆොන් එක ගත්තෙ ඩොක්ටරට කතා කරන්න..ඒත් එක්කම  කුක්ගෙ අම්මා දිහාට හැරිලා උඩට යන්න කියද්දි සේහියත් ඉක්මනට ජන්කුක්ගෙ කාමරේට ගියා...

"හෙලෝ ඩොක්ටර් ...ජන්කුක් ට අසනීපයි වගේ...ඕකෙ තැන්ක්ස්...

ජියොන් ඩොක්ටර්ව ඉන්ෆෝම් කරල එහෙම්ම කෝල් කරේ ප්‍රොෆෙසර් නිකොල්සන් ට....මොකද අද යුනිවසිටි එකේ එස්පෙශල් දේශනයක් කරන්න ජියොන් බලාපොරොත්තු උනත් ජන්කුක්ව දාලා යන්න එයාට කොහෙත්ම උවමනාවක් තිබ්බෙ නෑ...

Give Him Back  ᷫ ͧ ͭ ͧ ͬ ͤ ᷝ ͦ ͮ ͤ  ᷮ ⷶ ͬ ͭ ͥ ͥTempat cerita menjadi hidup. Temukan sekarang