▪▪▪(Jungkook’'s POV)▪▪▪
වූජිනි (Woojin) අද උදේ නැඟිට්ට වෙලාවේ ඉදන්ම දොර ගාවට ගිහින් එබිලා බලනවා, නැත්තන් gate එකේ පොඩි හිලක් අස්සෙන් පාර දිහා බල බලා එහාට යනවයි මෙහාට යනවයි. මගේ ඇස් දෙක රිදෙනවා දැන් මේ කොල්ලා එහාට යනවයි මෙහාට යනවයි බලන් ඉඳලම. හොඳ වෙලාවට මං පොඩ්ඩක් සැර කරලා තියෙන්නේ පාරට යන්න එපා කියලා. නැත්තන් පාරටත් ගිහින් තියෙයි මෙයා.
“ඈඈඈ... හ්වෑඈඈඈ... හ්වෑඈඈඈ...”
“ජොන් ජන්ග්කුඋඋඋඋඋඋඋක්...”
එකම වගේ කනට හරිම මිහිරි ශබ්ද දෙකක් එක්කම වූජින්ගේ පැත්තට යොමු වෙලා තිබුණු මගේ අවධානය බිඳුනා.
“වේ..? වේ..? ආහ්..?”
ඕනවට එපාවට වගේ මං නැඟිටලා යන්න හදන කොටම Gate එක ගාව හිටිය කොල්ලත් එක පාරටම ගෙට දුවන් ආවේ එයාගේ ආදරණීය ඔම්මාගේ සද්දේ ඇහිලා වෙන්න ඇති. මං රැප් එකක් කිව්වත් නාහට අහන්නේ නැති කොල්ලා යුකා මට කතා කරද්දී එයාත් අහිංසක කොල්ලෙක් වගේ ගෙට රිංගන්නේ එයාගේ ඔම්මගේ කට අවුස්ස ගත්තොත් වහන්න කොච්චර අමාරුද කියලා දන්න නිසාමයි.
යුකා kitchen එකේ ඉදන් කෑ ගහද්දී මං හිමීට එතනට ගිහින් එයාව බදා ගද්දී, ඇහෙන ආදරණීය වදන් වෙනුවට මට වුනේ ‘මාව නෙමේ අර පොඩි කොල්ලව ගිහින් නලවනවා..’ කියලා අහගන්නයි. එත් එක්කම අර ඇහැරිලා අඩන පොඩි කොල්ලත් තවත් හයියෙන් අඬන්න ගත්තේ මට ඉක්මනට යන්න කියලා යුකාගෙයි ගුටියකුත් කන්න වැඩේ සලස්වලමයි. මොනා වුනත් කමක් නෑ ඉතින් ආදරේටනේ ගහන්නේ.
“යුකා අප්පලා airport එකට ඇවිත්ද..? කීයටද එනවා කිව්වේ...”
තාම ඇවිත් නැතුව ඇති ඒත් හවස් වෙන්න කලින් එයි...”
හවස තියන පුතාගේ birthday party එකට ඕන කරන දේවල් හද හදාම යුකා එහෙම කිව්වේ මගේ අතට වෙලා යුකා ළඟට යන්න දඟල දඟලා හිටිය පොඩ්ඩට පුංචි කිස් එකක් දෙන ගමන්මයි.
“ඔය එක්කම මටත් එකක් දුන්නනම් රිදෙනවද ආහ්...?”
මං ඇඟට පතට නොදැනෙන්න එහෙම කියද්දී යුකා එකපාරටම මාව කිස් කලේ කිසිම ගානක් නැතුවයි. අනේ මන්දා මට සමහර වෙලාවට තාම යුකාව තේරුම් ගන්න බෑ. ගොඩක් වෙලාවට boy ඉස්සර වෙද්දී අපේ love story එකේ ගොඩක්ම ඉස්සර වුණේ යුකා. තාමත් එයා එදා මට Japan වලදී හම්බුන කටකාර පිස්සු කෙල්ලම තමා බබාල දෙන්නෙක් හිටියත්. ඔව් ඉතින් බොරු කියන්න දෙයක් නෑ මාත් ගොන් හාවෙක් වගේ යුකාව අවුස්ස ගන්න මාරම ආසයි. එයා සාමාන්‍ය කෙල්ලෙක්ට වඩා හැසිරීම් අතින් ටිකක් දඟ වුණත් මට මුලින්ම එයාගේ ආස හිතුනෙත් ඒකටම තමා.
ESTÁS LEYENDO
°°LIGHT ON ME°° (COMPLETED)
RomanceLosing is difficult but your aggressiveness is most difficult to my lonely heart........🍂💔🍂 So.., Please try to understand me at least one time..........💔🌷 That's enough for me.........💝